×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

තක්ෂි එක්ක බිස්කට් එක බෙදාගෙන කාපු සැරයන්වරයාගේ වැඩ තහනම්

Local  •  Published on: 2025-12-16 02:38:13

නන්ද කුමාර් තක්ෂි නැමැති සැකකාරිය සමග සමීප සබඳතා පැවැත්වූ පොලිස් සැරයන්වරයෙකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කර තිබෙනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පවසන්නේ අදාළ සැරයන්වරයා එම සැකකාරිය සමඟ එක බිස්කට් එක දෙකට කඩාගෙන කා හස්ත සංඥා මාර්ගයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනවා.