×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ආපදා හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් ගැන ගත් තීන්දුව

Local  •  Published on: 2025-12-16 03:34:33

ජල ගැලීම්, ගංවතුර, නායයෑම් සහ මාර්ග අවහිරතා හේතු කොටගෙන සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

මීට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාන, පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ  දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ඊයේ (16) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වනවා.

මේ අනුව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණ හිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් මාර්ග අවහිර වීම හේතුවෙන් හෝ ව්‍යසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩු ලබාදෙනු ඇති.

මෙම විශේෂ නිවාඩු ලබාගැනීම සඳහා තමාට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි වූ හේතුව සඳහන් කරමින් ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය, සහිත ඉල්ලීම ආයතන ප්‍රධානියා වෙත ඉදිරිපත් කළයුතු වනවා.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සහතික කරන ලද නිලධරයාගේ ඉල්ලීම අදාළ ආයතන ප්‍රධානියා විසින් පරික්ෂා කර එහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව පෞද්ගලිකවම සැහීමකට පත්විය හැකි නම් පමණක් සේවයට වාර්තා කිරීමට නොහැකි වූ දින ගණන සඳහා විශේෂ නිවාඩු අනුමැතිය සඳහා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙත ඉදිරිපත් කළ යුතු බව් එම චක්‍රලේඛයේ දැක්වෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙන්නේ මෙම විශේෂ නිවාඩු ලබාදීම නොවැම්බර් සහ දෙසැම්බර් යන මාසවලට අදාළව පමණක් සිදුකළ යුතු බවයි.