×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

රන්වලගේ සිද්ධියේ දී පොලීසියේ ක්‍රියා කලාපය ගැන විමර්ශනයක්

Local  •  Published on: 2025-12-16 11:06:27

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර පිළිබඳව සිදුවීමේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් සිදුවුවාද යන්න පොලිස්පතිවරයාගේ නියෝග මත විමර්ශනයක් ක්‍රියාත්මක බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද (16) අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

එහිදී මාධ්‍යවේදියෙක් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් පාර්ශවවලින් පොලිස් නිලධාරීන් අනතුර සිදුවූ අවස්ථාවේදී රාජකාරි පැහැර හැර ඇති බවට එල්ලවන චෝදනා හමුවේ මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අනුව අදාළ විමර්ශන සම්බන්ධව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

"මේ වෙනකොට ඔබ දන්නවා ඇති සමහර පාර්ශ්වවලින් චෝදනා එල්ල වූ නිසා පොලීසිය පැත්තෙන් අඩුපාඩුකමක් සිදුවුණා කියලා පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් වූවාද කියන එක සම්බන්ධයෙන් විමර්ෂනයකුත් සිදු කෙරමින් පවතිනවා. මේ සියලු වාර්තා අධිකරණයට ඉදිරිපත් වෙනවා එතකොට ඒ සම්බන්ධයෙන් තීන්දුව බලාගන්න පුළුවන්."