මාර්ග අංක අනුව අලුතෙන් බස් සමාගමක්

Local • Published on: 2025-09-14 03:29:29
එක් මාර්ග අංකයක් යටතේ ක්‍රියාත්මක බස් රථ සියල්ල එක සමාගමකට පැවරීමට රජය තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන මහාමාර්ග වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ මෙම වැඩපිළිවෙළෙහි නියාමන කටයුත්ත වශයෙන් මාර්ග අංක 1 හා මාර්ග 138 යටතේ මහනුවර කොළඹ හා හයිලවෙල් පාරේ පිටකොටුවේ සිට ධාවනය වන බස්රථ සමාගම් දෙකකට පැවරීමට කටයුතු කරන බවයි.
බස්රථ හිමියන්ට ධාවනයෙන් පාඩුවක් නොලැබෙන අයුරින් ආදායම බෙදීයාමට සැලැස්වීමත් විධිමත් ප්‍රවාහන සේවයක් සැලසීමත් මෙම වැඩපිළිවෙලේ අරමුණු වන බවද ඔහු මෙහිදී සඳහන් කරනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බහුතරයක් බස් හිමියන් සතුව එක් බස් රථයක් පමණක් පවතින අතර බස් කිහිපයක හිමිකරුවන් අතලොස්සක් සිටින බවත් මේ අනුව එක් බස් රථයක් පමණක් ඇති හිමිකරුවන් අතිශයින් පාඩු ලැබීමත් විධිමත් ලෙස බස් ධාවනය නොකිරීමටත් සිදුවන බවත්ය.
මෙම තත්ත්වය මඟ හරවා නියමිත කාලසටහනකට විධිමත් බස් සේවාවක් ලබාදීම සඳහා බස් සමාගම්කරණය හරහා සිදු කිරීමට නියමිතව තිබෙනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති රාමුව හා පරිපාලන රාමුව සැකසීමේ කටයුතු දැනමටත් ආරම්භ කර ඇති බවයි.