×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලියට කැබිනට් අනුමැතිය

Local  •  Published on: 2025-12-16 16:39:03

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා වූ e-Court ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගෙන තිබුණා.

අදාළ පරිවර්ථන ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වාදී සාර්ථකව මේ වන විට ක්‍රියාවට නංවා තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e-CMS පද්ධතිය, අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද අනුවර්ථනය කර යොදා ගැනීම e-Court ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනවා.

එමඟින් ජාතික අධිකරණය දත්ත ජාලයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන්.

මෙමඟින් මෙරට දීර්ඝ කාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියා පටිපාටිමය අකාර්යක්ෂමතා මගහැරවීමට හැකි වනු ඇති බවද අපේක්ෂා කර තිබෙනවා.

මේ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය 2026 - 2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ක්ලීන් ශ්‍රී ලංකා උපාය මාර්ග සමඟ අනුකූල වෙමින් e-Court ව්‍යාපෘතිය ඵලදායිව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදනවලින් e-Court ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබාදීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සඳහන්.