×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පද්මේගේ තවත් ඔත්තුවකින් හමුවූ දේ

Local  •  Published on: 2025-12-17 10:46:03

රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මත විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා පතොරොම් තොගයක් සොයාගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සැකකරුට අයත් ගිනි අවියක් ඇතුළු දේපොළ දැනට විදෙස් ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු භාරයේ මෙරට සඟවා ඇති බව සඳහන්.

මේ අනුව විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක්, T56 අවි සඳහා යොදන පතොරොම් ගැබ් 2ක්, T56 වර්ගයේ ජීව පතොරොම් 267ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

එ‍ඬේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ පිහිටි තාවකාලිකව ඉදිකළ කාමරයක් පරික්ෂා කර එහි සඟවා තිබූ මෙම ගිනි අවිය සහ පතොරොම් තොගය සොයාගෙන ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා කැලණිය කඳවුරේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම මෙහෙයම සිදු කර තිබුණා.

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'කෙහෙල්බද්දර පද්මේ' නැමැති සැකකරු මේ වන විට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.