×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

බිඳ වැටුන දුම්රිය මාර්ග පද්ධතිය ගොඩනැගීමට ජනපති චීනයෙන් තාක්ෂණික උදව් ඉල්ලයි

Local  •  Published on: 2025-12-17 10:48:15

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ අභියෝග ජය ගනිමින්, ජන ජීවිතය යළි ගොඩනැගීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට චීන මහජන සමූහාණ්ඩුව උපරිම සහාය ලබා දෙන බව චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති WANG DONGMING ප්‍රකාශ කළා.

මෙරට සංචාරයක නිරත චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති ඇතුළු චීන නියෝජිත පිරිස අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව පිළිබඳ චීන රජය සහ ජනතාව මහත් කණගාටුවට පත්ව සිටින බව පවසන උප සභාපතිවරයා, සහන සැලසීම සඳහා චීනය පළමු අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ බවද කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක, ආපදාවට පත් ජනතාවට ද්‍රව්‍යමය සහ මූල්‍යමය ආධාර සපයමින් චීනය ශ්‍රී ලංකාවට ලබා දුන් හෘදයාංගම සහාය කෘතවේදීව අගය කළා.

විශේෂයෙන් හානි වූ දුම්රිය මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන ලෙස චීන රජයෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම ආපදාවෙන් පසු ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා රජය මේ වන විට සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවා.