මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානමක් නැහැ - ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
Local • Published on: 2025-12-17 16:21:39
මධ්‍යම පළාතේ පිහිටි කිසිඳු පාසලකට නාය යෑම් අවදානම් සහිත තත්ත්වයක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදුකළ තක්සේරු පර්යේෂණ වාර්තාවකින් හෙළිව තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා අවධාරණය කළේ මේ හේතුවෙන් දිට්වා සුළි කුණාටුවේ නායයෑමේ බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ කිසිඳු පාසලක් ඉවත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
මෙහිදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ප්‍රධාන පෙලේ විශ්ව විද්‍යාල 3ක විශේෂඥ කණ්ඩායම් 15ක් සමඟ සිදු කළ මෙම පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ එම පාසල්වලට දිවෙන මාර්ග ගිලා බැසීමට ලක්ව අබලන් තත්ත්වයේ පවතින බවයි.
මේ අනුව එම මාර්ග කඩිනමින් පිළිසකර කිරීමට රජයට නිර්දේශ කර ඇති බවද වාර්තා වනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කරමින් එම සංවිධානය පෙන්වා දී ඇත්තේ මධ්‍යම පළාත තුළ පිහිටි එම ස්ථානයන්හි දී තවදුරටත් පාසල් පවත්වාගෙන යාම සුදුසු බවයි.
මෙම පර්යේෂණ තක්සේරු වාර්තාව සකස් කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි විශේෂඥයන් සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂඥයන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
මධ්‍යම පළාත තුළ පාසල් දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වන ප්‍රමුඛතා සැලකිල්ලට ගනිමින් පසුගිය 9 වනදා සිට 15 වනදා දක්වා මෙම අවදානම් තත්ත්වය පරික්ෂා සිදු කරනු ලැබුවා.