×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ඖෂධ ආනයනය කිරීම අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවෙයි - රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව

Local  •  Published on: 2025-12-18 02:19:04

කොළඹ IDH රෝහලේ රෝගීන් දෙදෙනෙකු මියගියේ 'ඔන්ඩැන්සෙට්‍රෝන්' නැමැති එන්නත ලබාදීම හේතුවෙන් ද යන්න සම්බන්ධව තවමත් නිශ්චිතව තහවුරු වීමක් සිදුකර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (17) පස්වරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදීයි.

සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් පරීක්ෂණ කණ්ඩායමක් යොදවා වෙනම පරීක්ෂණයක් සිදුකරන බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂණයක් සිදුකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

මියගිය රෝගීන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ලබාගත් සාම්පල දැනටමත් පරීක්ෂණ තත්ත්වයේ පවතින බවද ඔහු මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කළා.

මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා කියා සිටියේ ප්‍රශ්නගත 'ඔන්ඩැන්සෙට්‍රෝන්' නමැති එන්නතේ කාණ්ඩ 4ක් රෝගීන්ට ලබාදීම තාවකාලිව නවතා දැමුවේ අදාළ රෝගීන් දෙදෙනා මියයාමට ප්‍රථමයෙන් බවයි.

පසුව මෙම මරණ දෙක වාර්තා වීමත් සමඟ එම ඖෂධයේ අනෙක් කාණ්ඩ ද තාවකාලික නවතා දැමු බවද ඔහු මෙහිදී පැවසුවා.

ඔහු සඳහන් කරන්නේ තවද එම නිෂ්පාදනයෙන් ආයතනයෙන් ආනයනය කර ඇති අනෙක් ඖෂධ 10ක් ද තාවකාලිකව නවතා දැමීමට කටයුතු කර ඇති බවයි.

මෙම මාධ්‍ය හමුවේදී නැගු පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා කියා සිටියේ මෙම ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත සිදුකරන ක්‍රියාවලියක් නොවන බවයි.

"ඇමතිවරු හෝ රජයන් මත නොවෙයි ඖෂධ ලංකාවට ආනයනය සිද්ධ වෙන්නේ. එය ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතුයි.

අමාත්‍යංශයක් විදියට කාර්ය භාර්යයක් තියෙනවා. අවුරුද්දක් පාසා අවශ්‍ය වාර්ෂික සැපයුමට අදාළ ටෙන්ඩරය ප්‍රසම්පාදනය කිරීම සඳහා ඖෂධ සංස්ථාවට ලබාදීම. ඒ අනුව ඒ කාර්ය සිදුවෙනවා අදාළ ප්‍රසම්පාදන කමිටු කාර්ය අනුව.

2022 ටෙන්ඩරයක් ගියා, 2025 ටෙන්ඩරයක් ගියා. 2025 ටෙන්ඩරය එන්නේ 2024. 2025ට බෙහෙත් අවශ්‍ය නම් ඒ ටෙන්ඩර් එක දාන්නේ 2024. අඩුම තරමේ මාස 11ක විතර කාලයක් දැනට යනවා ඕඩර් එකක් දාලා ඖෂධ ටික රටට එන්න. ක්‍රමවේදය එහෙමයි.

ඕනේ ඕනේ වෙලාට කඩෙන් ගන්නවා වගේ ගන්න බෑ. ඒවා හදන්න ලෝකු කාලයක් යනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය භාරයක් විදියටයි යන්නේ. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි".