ජලාශ කිහිපයක් උපරිම ජල මට්ටමට පැමිණෙයි
Local • Published on: 2025-12-18 10:39:00
පවතින වර්ෂා අධික කාලගුණය සමඟ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ ජලාශ මේ වන විටත් වාන් දැමීම ආරම්භ කර තිබෙනවා.
මහවැලි අධිකාරිය පවසන්නේ මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ වට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි.
තවද කලා වැව ද්‍රෝණියය අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළු ගඟ යන ජලාශවල ද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වනවා.
එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බවයි.