×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ගත වූ පැය 24 තුළදී වැඩිම වැස්ස උඩදුම්බරට

Local  •  Published on: 2025-12-18 14:38:28

ගත වූ පැය 24ට මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි. මී. 300කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (18) පස්වරු 6ට නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙනවා.

මේ අනුව උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 308ක වර්ෂාපතනයක් ලැබී ඇති බව වාර්තා වනවා.

තවද උඩදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පොප්පිටිය ප්‍රදේශයට මි. මී. 234ක වර්ෂාපතනයක් ද නුගතැන්න ප්‍රදේශයට මි.මී 221ක වර්ෂාපතනයක් ද, කයිකාවල ප්‍රදේශයට මි.මී 218ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත් එම ප්‍රදේශයට ජීවත් වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවත ආරක්ෂා කරගන්නා ලෙසටත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරනවා.

එම සංවිධානයේ භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පැවසුවේ මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වන විට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

මෙම රතු නිවේදන මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩදුම්බර, ⁠මැදදුම්බර හා මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් වනවා.