ඉන්දීය විදේශ ඇමති ලබන සතියේ දී මෙරට නිල සංචාරයක?
Local • Published on: 2025-12-21 03:33:24
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අවස්ථාව මෙම සංචාරය සිදුවීම විශේෂත්වයකි.
2025 නොවැම්බර් 27 වනදා දින ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 600කට අධික සංඛ්‍යාවක් ජීවතක්ෂයට පත්වුණා.
ඉන් මිලියනයකට අධික පිරිසක් බලපෑමකට ලක් වුණා.
මෙරට ආපදා තත්ත්වයෙන් ‘ඔපරේෂන් සාගර් බන්ධු’ මෙහෙයුම ආරම්භ කරමින් ඉන්දියාව වහාම ශ්‍රී ලංකාවට සහාය දක්වමින් මානුෂීය ආධාර හදිසි සහන ද්‍රව්‍ය සහ අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට පියවර ගෙන තිබුණා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරය තුළ දී ආපදාවෙන් පසු ප්‍රතිසංස්කරණ කටයුතු දෙරට අතර ද්වී පාර්ශවික සබඳතා, ආර්ථික සහයෝගීතා සහ කලාපීය ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.
මෙම සංචාරය මඟින් ඉන්දියාවේ "අසල්වැසියාට ප්‍රමුඛත්වය" ප්‍රතිපත්තිය සහ හවුල් සමුද්‍රීය අවශ්‍යතා පිළිබිඹු කරමින් අඛණ්ඩ ප්‍රතිසංස්කරණ සහාය කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.