×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ජාතික පාසල් සහ පළාත් පාසල් බේදය අමතක කරමු - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

Local  •  Published on: 2025-12-21 15:49:43

ජාතික පාසල්, පළාත් පාසල් බේදය අමතක කර මෙරට සෑම පාසලකම සිටින දරුවන්ට ඉහළම අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්ථාව තහවුරු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023 හා 2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයින් ඇගයීමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමින්.

ජනතාවට අයිති ජනාධිපති අරමුදල තවදුරටත් ජනතාවට සමීප කරමින් මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්ය භාර්ය මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක් වුණා.

"ජාතික - පළාත් බේදය අමතක කරන්න. ඒ සෑම පාසලකම සිටින්නේ අපේ දරුවන්. ඒ සියලු දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය තහවුරු කළ යුතුව තිබෙනවා.

එම නිසා ගුරුවරු පත් කිරීමේදී, ස්ථාන මාරු කිරීමේදී සහ නිලධාරීන් පත් කිරීමේදී යාපනය ගැන විතරක් හිතන්න එපා. අනිකුත් දිස්ත්‍රික්කවල පිහිටි සියලුම පාසල් ගැන හිතලා එකම හැන්දෙන් බෙදන්න.

ඔබ සැබෑ දක්ෂයින්. මෙතැන සිටින ඔබ විශ්වවිද්‍යාලයට ගිහින් යළිත් උතුරු පළාතට සේවයක් කිරීමට එන බව මට විශ්වාසයි. තව වසර තුන හතරකින් උතුරු ප්‍රදේශය පිළිබද තින්දු තිරණ ගන්නේ ඔබයි. එවිට ඔබ උතුරු පළාතේ දියුණුව ගැන සිතා මැදිහත් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. රජයක්  විදිහට අප මේ මැදිහත් වීම කරන්නේ ඒ දියුණුව ගැන සිතා බව කිව යුතුයි."