×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ජාජබ මන්ත්‍රී පහරදුන් බව කියන සිද්ධියේ කොස්තාපල් වෛද්‍ය පරීක්ෂණයකට

Local  •  Published on: 2025-12-22 02:17:19

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයාව වෛද්‍ය පරීක්ෂණයට භාජනය කිරීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ අදාළ පොලිස් කොස්තාපල්වරය එම සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බවට සැකපළ වී ඇති බවයි.

මේ සඳහා අධිකරණ වැඩිය නිලධාරීවරයා වෙත පොලිස් කොස්තාපල්වරයා යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා තමන් පහරදුන් බව සඳහන් කරමින් කොස්තාපල්වරයෙකු පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබුණා.

සුරීයකන්ද පොලීසිය අනුයුක්තව සේවය කරන ඔහු පසුගියදා ඇඹිලිපිටිය ප්‍රදේශයේ අදාළ මන්ත්‍රීවරයාගේ ඥාතියෙකුට අයත් ගංජා වැටලීමක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු බව සඳහන් වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුඩ්ලර් මහතා පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

අදාළ සිදුවීම සිදුවූ ප්‍රදේශයේ CCTV දර්ශන සහ අදාළ ස්ථානයේ රැඳී සිටි පුද්ගලයින්ගේ සාක්ෂි ලබාගෙන ඒ සම්බන්ධ මුලික විමර්ශන දැනටමත සිදුකර ඇති බවද සඳහන් කළා.

කෙසේ වෙතත් තමන් එලෙස කිසිඳු පහර දීමක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ අදාළ පොලිස් කොස්තාපල්වරයා තමා ගමන් ගත් මෝටර් රථය නතර කර තර්ජනය කිරීමක් සිදු කිරීම පිළිබඳව කොලොන්න පොලීසියට පැමිණිල්ලක් ද සිදුකළ බවයි.

අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ පැවසුවේ තම සැමියා විසින් ඊයේ (21) රාත්‍රී දුරකථනයෙන් අමතා මෙම පහරදීම පිළිබඳව දැනුම් දුන් බවයි.

ඉන්පසුව ඔහු රෝහල්ගත කිරීමට තමන් ඇතුළු පිරිසක් කටයුතු කළ බව පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳ සඳහන් කළා.