ඇමති විජිත සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

Local • Published on: 2025-09-24 04:16:57
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් අතර හමුවක් අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුව තිබෙනවා.
ඒ එරටදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීවයි.
අමාත්‍ය විජිත හේරත් මහතා ඒ සම්බන්ධව සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශක්තිමත් මිත්‍රත්වය සහ සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවූ බවයි.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්ව සිටිනවා.
මේ අනුව අද (24) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.15ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.
මෙම සංචාරය අතරවාරයේ දී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිපදෙනෙක් සමඟ ද්වී පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇලිසන් හූකර් අතර හමුවක් ද සිදුව තිබෙනවා.
මෙහිදී ද්වි පාර්ශවික සහයෝගීතාවය සහ පොදු ප්‍රමුඛතා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වනවා.