ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 30කට ලබන ජනවාරිවලින් පසුව අලුත් අමෙරිකානු තානාපතිවරුන්
Local • Published on: 2025-12-23 02:56:41
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය ඇතුළු රටවල් කිහිපයක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 30 දෙනෙකුට ආසන්න පිරිසක් නැවත කැඳවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති සඳහා පූර්ණ සහාය දක්වන පිරිස් සමඟ අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්.
මේ අනුව මෙරට ඇතුළු රටවල් 29ක අමෙරිකානු තානාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ධුරකාලය ලබන ජනවාරි මාසයෙන් අවසන් වන බවට එරට රජය විසින් පසුගිය සතියේ ඔවුන් වෙත නිල දැනුම් දීමක් සිදුකර තිබුණා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සියළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, හිටපු ජනාධිපති ජෝ බයින්ඩ් පරිපාලනය විසින් පත්කළ පිරිස් වන නමුත් ඔවුන්ට මේ දක්වා එම ධුරවල කටයුතු කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවයි.
මේ අනුව අප්‍රිකානු රටවල් 13ක, ආසියානු රටවල් 06ක, යුරෝපා රටවල් 04ක, මැදපෙරදිග රටවල් 02ක සහ දකුණු හා මධ්‍යම ආසියානු රටවල් 02ක අමෙරිකානු තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ට්‍රම්ප් පරිපාලනය විසින් කැඳවා තිබෙනවා.