ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ සහන පැකේජයක්
Local • Published on: 2025-12-23 10:17:26
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත විනාශයෙන් පසු මෙරට නැවත ගොඩනැගීමේ කටයුතු අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ ආධාර පැකේජයක් ලබාදීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.
අද (23) දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා විසින් මෙම සහන පැකේජය පිළිබඳව නිල වශයෙන් මෙහිදී දැනුම් දී ඇති බව සඳහන්.
අමෙරිකානු ඩොලර් මිලියන 350ක් සහනදායී ණය පදනම යටතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මුල්‍ය ආධාර හෙවත් ප්‍රදානයක් ලෙස හිමිවනු ඇති බව වාර්තා වනවා.