×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

එංගලන්ත කණ්ඩායමේ මීළඟ පුහුණුකාර ධූරය ඉන්දීය ජාතිකයෙකුට?

Sports  •  Published on: 2025-12-25 16:08:12

අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ දී එංගලන්තයේ දුර්වල ක්‍රීඩා විලාශය සැලකිල්ලට ගෙන එරට ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන නවසීලන්ත හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් ඉවත් කරන මෙන් යෝජනාවක් ලැබී තිබෙනවා.

එංගලන්ත කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙකු වන මොන්ටි පෙන්සාර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම යෝජනාව සිදුකර ඇති බව සඳහන්.

ඔහු මෙහිදී එංගලන්තයේ මීළඟ පුහුණුකාරවරයා ලෙස යෝජනා කර ඇත්තේ ඉන්දීය හිටපු ප්‍රධාන පුහුණුකරු රවි ශ්‍රාස්ත්‍රීය.

මොන්ටි පනේසාර්ගේ මෙම යෝජනාව විශේෂත්වය වන්නේ ඔහු ද ඉන්දීය සම්බවයක් ඇති අයෙකු වීමයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉන්දීය කණ්ඩායම 2018 - 2019 සහ 2020 - 2021 යන කාල සීමාවන්දි ඕස්ට්‍රේලියාවට එරෙහිව අඛණ්ඩව ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායම මෙහෙයවූ බවයි.

"ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරන්නේ කොහොමද කියලා හරියටම දන්නේ කවුද කියලා ඔබ හිතන්න ඕනේ. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දුර්වලතා මානසිකව, ශාරීරිකව සහ උපායශීලීව ප්‍රයෝජන ගන්නේ කොහොමද? මම හිතන්නේ රවි ශාස්ත්‍රි එංගලන්තයේ ඊළඟ ප්‍රධාන පුහුණුකරු විය යුතුයි"

මේ අතර අළු බඳුන තරඟාවලිය 3 - 0ක් ලෙස එංගලන්තය තරඟාවලිය පරාජයට පත්ව තිබෙනවා.

එංගලන්ත මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අවමන් සහගත පරාජය සමඟ බ්‍රෙන්ඩන් මැකලම්ගේ පුහුණුකාරීත්වය ද බොහෝ දුරට අහිමි වීමේ අවධානමක් ඇති බවයි.