×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ජීවිත 35000ක් බිලිගත් සුනාමි ව්‍යසනයට අදට වසර 21යි

Local  •  Published on: 2025-12-26 02:02:22

ජීවිත 35000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවී අදට (26) වසර 21ක් සපිරෙනවා.

ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ ඊට සමගාමිව දිවයින පුරා විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලු දෙනා සිහිපත් කෙරෙන ජාතික සුරක්ෂිතා දිනය අද (26) සැමරීම සිදු කරන බවයි.

2004 වසරේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මෙරට පුද්ගලයින් 35000කට අධික පිරිසක් මියගිය අතර තවත් 5000කට වැඩි පිරිසක් අතුරුදහන් වුණා.

ඒ අනුව 2005 වසරේ සිට සෑම වසරක දෙසැම්බර් මස 26 වනදා ජාතික සුරක්ෂිතා දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර ජාතික සුරක්ෂිතතා දිනය දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

සුනාමි ව්‍යසනයෙන් සහ අනෙක් ආපදා හේතුවෙන් මියගිය මහජනතාව සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර සුනාමියට හසුවූ දුම්රිය අද (26) දිනයේ මරදාන දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එය පෙරවරු 9.27ට පමණ සුනාමි ව්‍යසනයට හසුවූ පැරෑලිය ප්‍රදේශය වෙත ළඟා වීමට නියමිතව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහිදී දුම්රිය විනාඩි 10ක කාලයක් නතර කර යළි මාතර බලා ගමන් ආරම්භ කරන බවයි.