×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

සෝමාවතිය - සුංගාවිල මාර්ගය නැවත විවෘත වෙයි

Local  •  Published on: 2025-12-26 02:34:15

සෝමාවතිය සුංගාවිල මාර්ගය දින 8කට පසුව ගමනාගමනය සඳහා ඊයේ (25) නැවත විවෘත කරනු ලැබුවා.

පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගය ජලයෙන් යටවී තිබුණා.

මේ හේතුවෙන් රථවාහන ධාවන කටයුතු අත්හිටුවීමට පොලීසිය පියවර ගනු ලැබුවා.

ජලය ක්‍රමානුකූලව බැස යාම සමඟ ඊයේ (25) පස්වරුවේ සෝමාවතිය පුදබිමට යන මාර්ගය සහ සෝමාවතිය විහාරස්ථානය මෙලෙස බැතිමතුන්ට වන්දමාන කිරීම සඳහා විවෘත කර තිබෙනවා.