අමෙරිකාවේ ගුවන් දහස් ගණනක් නැවතූ ඩෙවින්
Local • Published on: 2025-12-27 10:12:57
අමෙරිකාවට බලපා ඇති ඩෙවින් හිම කුණාටුවේ බලපෑම හේතුවෙන් එරට ගුවන් ගමන් දහස් ගණනක් අවලංගු කර හා ප්‍රමාද වී ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ලොව විශාලතම ගුවන් ගමන් නිරීක්ෂණ දත්ත සමාගම වන 'FlightAware' ගුවන් සේවා නිරීක්ෂණ වෙබ් අඩවිය වාර්තා වන අන්දමට අමෙරිකානු වේලාවෙන් පස්වරු 4ට පමණ වන විට එරට තුළ හා ඉන් පිටතට ගුවන් ගමන් 1581ක් අවලංගු කර ඇති බවයි.
තවත් ගුවන් ගමන් 6883ක් ප්‍රමාද වී ඇති බව සඳහන්.
මේ අතර නිව්යෝර්ක් නගරයේ ඊයේ (26) රාත්‍රියේ මිලිමීටර් 250 දක්වා හිම පතනයක් පතිත වී තිබෙනවා.
මෙම හිම පතනය වසර 7කින් එම ප්‍රදේශයට බලපෑ වැඩිම හිම පතනය ලෙස සැලකෙනවා.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට මිලියන 40කට වැඩි පිරිසක් ශීත කුණාටු අනතුරු ඇඟවීම් හෝ කාලගුණ උපදේශන යටතේ සිටින බවයි.
තවද කැලිෆෝනියාවට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මිලියන 30ක ජනතාවක් ගංවතුර හෝ කුණාටු ආරක්ෂාව යටතේ සිටින බව සඳහන්.