සිරිලකවම නැලවූ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව
Local • Published on: 2025-12-28 08:29:32
හෙළයේ ගීත කෝකිලාවිය කලා ශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා පුර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට නියමිතයි.
ඇයගේ අවසන් කටයුතු පුර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
දේහය අද (28) පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරෙනු ඇති.
ලබන 31 වනදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන යෑමෙන් පසුව බොරැල්ල පොදු සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඇය 91 වන වියේ පසුවුණා.
1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේ රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරනු ලබනවා.
ඒ වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.
මේ වන විට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කර තිබෙනවා.
ඒ අතර විදෙස් භාෂා ගීත ද ඇය ගායනා කර තිබීම ද විශේෂත්වයක්.
ලංකේය සිනමාවේ සදාකාලික "ගී රාජනිය" ලෙසද ලතා වල්පොල මහත්මිය විරුධාවලිය ලබනවා.
ඇය 1953 වසරේ දී එදා රෑ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර චිත්‍රපට 600කට අධික ප්‍රමාණයකට තම හඬ දායකත්වය ලබාදෙනු ලැබුවා.