නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි - අසනීපයි කියා රෝහල්ගත වෙයි
Local • Published on: 2025-12-28 14:42:09
කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් නීතිඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල දෙවැනි වරට ඊයේ (27) දිනයේ කඩුවෙල පොලීසිය හමුවේ විභාගය සඳහා කැඳවා තිබුණා.
පැමිණිලිකාර නීතිඥ නේත්‍රපාණී ඩයස් ඇතුළු නීතීඥ පිරිසක් ඒ සඳහා පොලිස් ස්ථානයට පැමිණ සිටිය ද කඩුවෙල නගරාධිපතිවරයා දෙවන දිනයේ ද එහි පැමිණ සිටියේ නැහැ.
ඔහු ලිපියක් මඟින් පොලිස් ස්ථානයට දැනුම් දී තිබුණේ තමන් අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත ප්‍රතිකාර ලබන බවයි.
මෙහිදී සිද්ධිය සමථ මණ්ඩලයට යොමු කිරීමට කඩුවෙල පොලීසිය යෝජනා කර තිබුණ ද පැමිණිලිකාර පාර්ශ්වය ඊට විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා.
මේ අතර මෙම සිද්ධියටම අදාළව චෝදනා එල්ල වී සිටින ඔහුගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඊයේ (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙකු මාර්ගයෙන් ඉදිරිපත් සිටි අතර ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.