×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

වාර්තා පොත් අලුත් කළ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය

Local  •  Published on: 2025-12-29 09:06:18

වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි වැඩිම සංචාරකයින් ගණනේ වාර්තාව අද (29) අලුත් වී තිබෙනවා.

ඒ මීට පෙර ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර ලෙස සැලකු 2018 වසරේ දී වාර්තා වී තිබූ සංචාරකයින් ප්‍රමාණය අද (29) දින අභිබවා යාම සමඟයි.

ශ්‍රී ලංකා සංචාරක ආයතනය පවසන්නේ 2025 වසරේ 2333797 වන සංචාරකයා අද උදෑසන පැමිණි බවයි.

මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩඉමක් පසු කිරීමක් ලෙස සැලකිය හැක.

ඒ අනුව ප්‍රමුඛ ගෝලීය ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ඔරොත්තු දීමේ ශක්තිය සහ විශ්වාසය පෙන්නුම් කරනු ඇති.

මෙරට ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස සංචාරක ක්ෂේත්‍රය පවතින අතර විදේශ විනිමය ඉපැයීම්, රැකියා සහ සංස්කෘතික හුවමාරුව සඳහා වැඩි දායකත්වයක් සපයනු ලබනවා.

ශ්‍රී ලංකා සංචාරක ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරන්නේ දිට්වා සුළි කුණාටු ව්‍යසනය වැනි අභියෝග මධ්‍යයේ මෙම සන්ධිස්ථානයට ළඟා වීම කර්මාන්තයේ සහ එහි පාර්ශ්වකරුවන්ගේ ශක්තිය සහ සමගිය පිළිබිඹු කරන බවයි.