අම්බලන්ගොඩ ඝාතන සැකකරුවන් දේශබන්දුගේ නිවසක සැඟව සිටි බව පොලිස් විමර්ශනවලින් හෙළිවෙයි
Local • Published on: 2025-12-30 03:34:48
අම්බලන්ගොඩ නගර සභාවට සමඟි ජන බලවේගය පක්ෂයෙන් කණ්ඩායම් නායක ලෙස ඉදිරිපත් වූ හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන මහනුවර පිහිටි නිවෙසේ සැඟව සිට ඇති විමර්ශනවලින් හෙළිව තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා කියා සිටියේ ඊට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයට බාර දී ඇති බවත් එම අංශයෙන් ඉදිරි විමර්ශන කටයුතු කරන බවත්ය.
කෙසේ වෙතත් මේ දක්වා හිටපු පොලිස්පතිවරයාගෙන් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන් දේශබන්දු තෙන්නකෝන් මහතාට අයත් බව කියන මහනුවර පිහිටි නිවසක බව මේ වන විට විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් එම නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් සිදුකර ඇති නමුත් ඒ වන විට සැකකරුවන් දෙදෙනා එම නිවසෙන් පළා ගොස් සිට ඇති බව සඳහන්.
පසුගිය 22 වනදා අම්බලන්ගොඩ නගරාසන්නයේ පිහිටි ප්‍රසිද්ධ සමාගමකට අයත් ශාඛා කළමනාකරුවෙකු එම වෙළෙඳසැල තුළදීම වෙඩි තබා ඝාතනය කර තිබුණා.
හිරාන් කෝසල නැමති 47 හැවිරිදි නම් පුද්ගලයෙක් මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණා.
ඔහු පසුගිය සමඟි ජන බලවේගයේ අම්බලන්ගොඩ නගර සභා කණ්ඩායම් නායකයා ලෙස නගරාධිපති අපේක්ෂකයා ලෙස තරඟ කර තිබූ බව සඳහන්.