×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් ප්‍රනාන්දු පොලිස් අත්අඩංගුවට

Local  •  Published on: 2025-12-30 08:52:03

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා වන ජොහාන් ප්‍රනාන්දු මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සතොස යටතේ පැවැති ලොරි සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම් සම්බන්ධව ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

තවද වැටුප් හා දීමනා ලබා ගැනීමේ දී අවභාවිතයක් සිදුව ඇති බව විමර්ශනයේ දී හෙළි වීම හේතුවෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.