×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අයවැය ඡන්ද ගැටළුව නිසා ගාල්ල මහ නගර සභාව උණුසුම් වෙයි

Local  •  Published on: 2025-12-30 09:20:26

ගාල්ල මහ නගර සභාවේ අද (30) පැවැති විශේෂ මහා සභා රැස්වීමේ දී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ගැනුණා.

නගරාධිපතිවරයා සභාව ආරම්භ කිරීමත් සමඟම සභා ලේකම්වරයා ඇතුළු නිලධාරීන්ට විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කිරීමත් සමඟම සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගැනුණා.

මෙහිදී "හොරා හොරා අපේ ඡන්ද මංකොල්ල කෑවා" යනුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සියල්ල එක හඬින් ඝෝෂා කළා.

මෙහිදී නගරාධිපතිවරයා න්‍යාය පාත්‍රානුකූලව සභාවේ වැඩකටයුතු කරගෙන ගොස් ඇති බව සඳහන්.

ඉන්පසුව ලබන කාරක සභා අවස්ථාව නිවේදනය කරනවාත් සමඟම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් වතුර බෝතල් රැගෙන ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එය වඩාත් උත්සන්න වීමත් සමඟම සභාව පැය භාගයකට කල් තැබූ නගරාධිපතිවරයා සභාවෙන් බැස ගොස් ඇති බව සඳහන්.