×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ නොගැලපෙන යෙදුමක් ගැන විශේෂ පරීක්ෂණයක්

Local  •  Published on: 2025-12-30 15:55:23

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවිය නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත ඒ පිළිබඳව සොයා බැලීමෙන් පසුව එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය දැනටමත් මුද්‍රණය අවසන් කර තිබෙනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ එම මොඩියුලය බෙදා හැරීම අත්හිටුවා ඇති බවත් ඒ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බවත්ය.

මේ සම්බන්ධව හෙට (31) දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිල්ලක් ද සිදු කිරීමට අපේක්ෂිත බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.