×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අමෙරිකානු තීරු බද්ද අඩු කරලා දෙන්න - හිටපු ඇමති ඩලස් ට්‍රම්ප්ට ලිපියක් යොමු කරමින් ඉල්ලයි

Local  •  Published on: 2025-12-31 03:35:57

මෙරට ආනයන සඳහා දැනට පනවා ඇති අමෙරිකානු තීරු බදු මට්ටම ලබන වසරට පමණක් අදාළ වන සේ 12% දක්වා තාවකාලිකව අඩු කරන ලෙස හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරයා පසුගිය 24 වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලා ඇති බව සඳහන්.

ලංකේය දරුවන්ගේ අනාගතය පිළිබඳව පොදු ප්‍රමුඛතාවය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව උදෙසා ගනු ලබන සුවිශේෂී සහනදායී පියවරක් ලෙස සලකා පවතින තීරු බදු මට්ටම වසරක කාලයක් සඳහා තාවකාලිකව අඩු කරන ලෙස ඔහු අමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

තවද ආපදා අවස්ථාවේ දී අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව හිටපු අමාත්‍යවරයා සිය ලිපියෙන් කෘතඥතාව පළකර ඇති බව වාර්තා වනවා.