×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

කොළඹ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Local  •  Published on: 2025-12-31 06:52:11

ජාතික ජන බලවේගය බලය හොබවන කොළඹ මහා නගර සභාවේ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කර තිබෙනවා.

මේ අනුව අයවැයට පක්ෂයට ඡන්ද 58ක් හිමිව ඇති අතර විපක්ෂ හිමිවූයේ ඡන්ද 56ක් පමණි.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වනදා සභාවට ඉදිරිපත් කෙරුණු අතර එහිදී එය පරාජයට පත්වුණා.

පළමු වර අයවැයට විපක්ෂ ඡන්ද 60ක් හිමි වුණා.

පක්ෂව ලැබුණේ ඡන්ද 57ක් පමණි.

එවැනි පසුබිමක අද (31) දිනයේ දී නැවත වරක් කොළඹ මහ නගර සභාවේ අයවැය නගරාධිපතිනි ව්‍රායී කැලී බල්තසාර් මහත්මිය විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අනුව කොළඹ මහ නගර සභාවේ අයවැය පිළිබඳව දෙවැනි වර ඡන්ද විමසීම පැවැති අතර එහිදී එය වැඩි ඡන්දයෙන් සම්මත වුණා.