මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත වෙසක් පොහොය දිනය සංශෝධනය කිරීමට තීන්දු කරයි
Local • Published on: 2025-12-31 09:24:29
ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙවර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සංශෝධනය කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා කියා සිටියේ එය ඉදිරියේ දී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.
2026 වසරේ මැයි මස 1 වනදා සහ 30 වනදා පොහොය දෙකක් යෙදී ඇති බැවින් මැයි මස 1 වනදා වෙසක් පොහොය ලෙසත් මැයි මස 30 වනදා අධි පොසොන් පොහොය ලෙසත් නම් කර ඇති කැලැන්ඩරය වෙනස් කර මැයි මස 30 වනදා වෙසක් පුන් පොහොය දිනය ලෙස නම් කිරීම සුදුසු බව මහා නායක හිමිවරුවන් ජනාධිපති වෙත ලිඛිතව දන්වා තිබුණා.
එම ඉල්ලීම අනුව වෙසක් පුන් පොහොය දිනය මැයි මස 30 වැනිදාට කැලැන්ඩරය දින සලකුණු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේ වෙතත් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොහොය දින දර්ශකයේ සලකුණු කරනු ලැබුවේ විෂය ප්‍රමාණිකයින් සහ ස්වාමීන්වහන්සේලා ද ඇතුළත්ව සිටින පොහොය කමිටුවේ නිර්දේශ මත බවයි.
මහා නායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේලා ඉදිරිපත් කරනු ලබන සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් ඉදිරියේ දී ඒ පිළිබඳව දැනුම් දෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.