නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුව කඩා වැටී හිමිවරු හත්නමක් අපවත් වෙති

Local • Published on: 2025-09-25 02:52:11
මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණා.
පූජා භූමියේ පැවැති ආගමික වතාවත් අවසන් කර භාවනා කුටි වෙත අදාළ භික්ෂූන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති අතර ඉන් භික්ෂූන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණා.
අනතුරෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණා.
අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂූන් වහන්සේලා තෙනමක් ද සිටින බව සඳහන්.
පොලීසිය සඳහන් කළේ රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේ බවයි.
අනතුරින් තවත් භික්ෂූන් වහන්සේ හය නමක් තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
පොලීසිය සැක පළ කරන්නේ භික්ෂූන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම හේතුවෙන් සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටිනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පන්සියගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.