×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ලංවිමෙන් විදුලි ගාස්තු වැඩි කරන යෝජනාවක් PUCSL වෙත යොමු කරයි

Local  •  Published on: 2026-01-02 10:18:06

2026 වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

එම කොමිසම පවසන්නේපළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩි කිරීමක් විදුලිබල මණ්ඩලය අවශ්‍ය දැනුම් දී ඇති බවයි.

මේ සම්බන්ධ යෝජනාවලිය දෙසැම්බර් 24 දිනැතිව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය 2026 පළමු කාර්තුව සඳහා අපේක්ෂිත පිරිවැය රුපියක් මිලියන 137016ක් වන අතර පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113161කි.

එම මණ්ඩලය පෙන්වා දෙන්නේ රුපියල් මිලියන 13094ක ආදායම් හිඟයක් පවතින බැවින් 11.57%ක ගාස්තු වැඩි කිරීමක් අත්‍යාවශ්‍ය බවයි.