ඇමති නලින්දගෙන් සුප්‍රසිද්ධ යුටියුබ් නාලිකාකරුවෙකුට රුපියල් බිලියනක එන්තර වාසියක්
Local • Published on: 2026-01-02 12:17:57
මෙරටට ගෙන්වූ ඖෂධ ගෙන්වීම සම්බන්ධව තමන්ගේ නම සම්බන්ධ කර ගනිමින් YouTube නාලිකාවක් හරහා අසත්‍ය ප්‍රචාරයක් සිදුකරමින් මහජන කැළඹීමක් ඇති වන අයුරින් තොරතුරු වාර්තා කිරීම පිළිබඳව YouTube ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් මහතාට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නීතිඥ වරයෙකු හරහා රුපියල් බිලියනක එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
අදාළ එන්තරවාසියේ සඳහන් වන්නේ ප්‍රශ්නගත ඖෂධය ඇතුළු ඖෂධ 10ක් සම්බන්ධව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
මෙසේ තිබියදී උක්ත නම සඳහන් පුද්ගලයා විසින් Youtube හරහා අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශ ජනගත කරමින් සිටින බවද එම එන්තරවාසියේ පෙන්වා දී තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ඉල්ලීමට පටහැනිව කටයුතු කළහොත් මින් මතු කිසිඳු දැනුම් දීමකින් තොරව නඩු පවරන බවයි.
අදාළ එන්තරවාසිය පහතින්,
කේ.ඩබ්ලිව්.ඒ. ධර්ම ශ්‍රී කාරියවසම්
අංක 66/ ඒ.
ඇල පහළ පාර,
ගොරකපිටිය,
පිළියන්දල.
එන්තර වාසියයි.
මාගේ සේවාදායකයා වන පන්නිපිටිය, රුක්මලේ, ඛාලිකා නිවාස පාර, දෙල්ගහවත්ත, අංක 157/1/2 ලිපිනයෙහි පදිංචි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් මත දන්වා සිටින වග නම්,
1. මාගේ සේවාදායකයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් එම්.බී.බී.එස් (MBBS) උපාධිය හිමිකර ගත් සුදුසුකම් ලත් වෛද්‍ය වෘත්තිකයෙක් වන අතර, ඔහු පුර්ණ කාලීනව දේශපාලනයේ නිරත වන අයෙකි.
2. මාගේ සේවාදායකයා වර්තමානයේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය විෂයභාර කැබිනට් අමාත්‍යවරයා ලෙසද, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසද, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ලෙසද කටයුතු කරනු ලබයි.
3. මාගේ සේවාදායකයා දීර්ඝ කාලයක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ දේශපාලනයේ නියැලී ඇති අතර වර්තමානයේ ජාතික ජන බලවේගයේ (NPP) ජාතික කමිටු සාමාජිකයෙකු ලෙසද දේශපාලන කටයුතු කරනු ලබයි.
4. මාගේ සේවාදායකයා 2009 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරමින් සිය දේශපාලන දිවිය ආරම්භ කළ අතර, 2015 වර්ෂයේදී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඉන් අනතුරුව, 2024 නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය නියෝජනය කරමින් තරඟ වැද කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්විය.
5. මාගේ සේවාදායකයා 2025-2026 වර්ෂයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අග්නි දිග ආසියානු කලාපීය කමිටුවේ 78 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස තේරී පත්වී ඇත.
6. තවද, මාගේ සේවාදායකයා ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික කටයුතු ශක්තිමත් කිරීමට ද දායකත්වය ලබා දෙයි.
7. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දැනුම් දී සිටින්නේ, මාගේ සේවාදායකයා සිය දීර්ඝ කාලීන දේශපාලන ජීවිතය තුළ නිකැළැල් චරිතයක් පවත්වා ගෙන ගොස් ඇති බවත්, අවංක ප්‍රතිපත්තිගරුක සහ ආදර්ශමත් ජනතා නායකයෙකු ලෙස මහජනතාව අතර විශ්වාසයක් සහ ගෞරවයක් දිනාගෙන ඇති පුද්ගලයෙක් වන බවයි.
8. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත දන්වා සිටින්නේ, මෑතකදී ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් ලිමිටඩ් ((MAAN Pharmaceutical Limited) නිෂ්පාදනය කරනු ලබන ඔන්ඩාන් සෙට්‍රොන් ඉන්ජෙක්ෂන් (ONDANSETRON Injection) යන එන්නත්මය ඖෂධය භාවිතා කිරීමේදී ඇති වූ සංකූලතා බවට වන සැකය හේතුවෙන්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අදාළ වගකිවයුතු අංශ සහ ආයතන විසින් ඉහත කී මාන් ෆාමසූටිකල් ලිමිටඩ් විසින් නිෂ්පාදනය කරනු ලබන එකී එන්නතඇතුළු එන්නත්මය ඖෂධ වර්ග 10 ක් භාවිතය අත්හිටුවාලීමත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමටත් තීරණය කරන ලදී.
9. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දැනුම් දී සිටින්නේ, එකී ඖෂධ සම්බන්ධ ඇති වූ සිදුවීම පාදක කර ගනිමින් ඔබ විසින් පවත්වා ගෙන යනු ලබන කාරිගේ චැනල් එක (Kaarige Channel eka | Dharmasiri Kariyawasam) ໖ ໑໖໘໖ ພາ ຫາລື පනස් දෙකකට ආසන්න කාලයක් විකාශනය වන ” මිනිස් ජීවිත බිලිගත් ඉන්දියානු බෙහෙත් ගෙන්නන මාලිමාවේ ගජ මිතුරා, නගරාධිපති බැල්තසාර්ගේ මස්සිනා, ඇමති නලින්ද හංගන කතාව ” යනුවෙන් යූටියුබ් වැඩසටහනක් පළකර මේ වන විටත් යුටියුබ් වෙබ්අඩවිය ඔස්සේ පවත්වා ගෙන යනු ලබන බවයි.
10. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, එකී යූටියුබ් වැඩසටහන මේ වන විටත් ලංකාව තුළද, ලංකාවෙන් පිටතද බොහෝ පුද්ගලයන් පිරිසක් නරඹා ඇති බවත්, එය සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විටද බෙදා ගනිමින් සහ බෙදා හරිමින් පවතින බවයි.
11. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, ඉහත කී යුටියුබ් වැඩසටහන තුළ දී ඔබ විසින් සිදු කරන ලද සමස්ත ප්‍රකාශයේ හරය තුළින් මාගේ සේවාදායකයා ඉහත කී ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් සෘජුව වගකිව යුතු බවත්, එසේම එකී ඖෂධ මෙරටට ගෙන්වූ සමාගම සමග වංක සහයෝගයකින් මාගේ සේවාදායකයා කටයුතු කර ඇති බවත්, එසේම මාගේ සේවාදායකයා එම ඖෂධ සම්බන්ධ ප්‍රශ්නය යටපත් කිරීමට උත්සාහ කරන බවත්, මාගේ සේවාදායකයා ජනතාව පිළිබඳ හැඟීමක් නොමැති නිර්දය පුද්ගලයෙක් බවට අර්ථ ගන්වා ඇති බවත්ය.
12. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, ඒ අනුව එකී ඔබගේ ප්‍රකාශය, එහි භාවිතා කළ වචන වලින් ද, එහිදී ඔබ භාවිතා කළ වාග් විලාසයෙන්ද, මාගේ සේවාදායකයා වගකීම් විරහිත පුද්ගලයෙක් බවත්, ඔහු මහජනතාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කරන්නෙකු බවත්, යනාදී වශයෙන් වූ අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් ඔබ විසින් සිදු කර ඇති බවයි.
13. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දැනුම් දී සිටින්නේ, ඔබ විසින් සිදු කරනු ලැබ ප්‍රසිද්ධියට පත් අන්තර්ජාලයේ https://youtu.be/yKk74 NtPml?si=SQfHOzwaSRSmMmWq 45 ඇති හැකි ඉහත කී ප්‍රකාශයෙහි අඩංගු වෙනත් දෑ අතර පහත ප්‍රකාශයන්, එනයින්ම ද, මුළු ප්‍රකාශය හා සමස්තයක් ලෙස ගත් කල සමස්ත අර්ථයෙන් ද මාගේ සේවාදායකයාගේ සම්බන්ධයෙන් අපහාසාත්මක වන බවයි.
“[00:09:45] ඔන්ඩන් සෙට්‍රෝන් නැමැති මේ ඖෂධීයේ කාණ්ඩ හතරක් වෙළඳපලෙන් ඉවත් කර ගැනීම සම්බන්ධව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කළ ඒ ප්‍රකාශයේ ඇත්තටම දකින්නට තිබුණේ ඉතාම ලැජ්ජා සහගත ප්‍රතිචාරයක්. මෙහෙම කිව්වම ඔබට එක පාරට වීම තියක් ඇති වෙන්නට පුළුවන්. ඊට හේතු මම දැන් පැහැදිලි කරන්නම්.”
“[00:10:40] ඔහු පෙන්වන්නට හදනවා මේ ඖෂධ අපි ඔඩර් කරපුවා නෙවෙයි. වගකිව යුතු ඇමතිවරයෙකුට එහෙම කතා කරන්නට බැහැ. ඔහු ඒ මාධ්‍ය සාකච්ඡාවේදී මේ කාරණය පිළිබඳව කතා කරද්දී ඔහුගේ මුහුණේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ මේ මිය ගිය මිනිසුන් පිළිබඳව. ඔහුට කිසිම කම්පාවක් තිබුණු බවක් දකින්නට ලැබුනෙත් නැහැ. ඔහු හිනා වෙවී බොහොම අපූරුවට මේ කරුණු පැහැදිලි කරන්න උත්සාහ කළා.”
“[00:11:06] එහෙත් ඔබ වීමසිල්ලෙන් ඒ වීඩියෝව බැලුවා නම්, ඔහු කතා කරන්නේ එක්තරා අපහසුතාවකින් බව පෙනෙන්නට තිබෙනවා. ඔහුට වචන පැටලෙනවා සහ කියන කරුණු වරදිනවා. ඊට හේතුව තමයි ඔහු අමු අමුවේ බොරු ගොඩක් ඇඳ ඛානවා. අන්න ඒ බොරු ටික මම දැන් ඔබට අනාවරණය කරන්නම්.”
“[00:12:14] ඔහු කියනවා මේ ඔන්ඩ සෙට්‍රෝන් ඖෂධය ලංකාවට ගෙන්නුවේ මාන් සාමසූටිකල්ස් කියන කොම්පනියෙන් කියලා. මේක අමූලික බොරුවක්. ඔහු මේ කරන්නේ මොකක්ද? ඔහුට ඕන වෙලා තියෙනවා එක නමක් හංගන්න. මේ බලන්න.”
“[00:14:06] ඔහුට කියද්දී සමහර දේවල් වරදිනවා. එහෙත් ඔහු පුන පුනා කියනවා මාන් සාමසූටිකල්ස් තමයි මේ බෙහෙත අපිට සපයන්නේ කියලා තවත් වතාවක් කියනවා මාත් ෆාමසූටිකල්ස් වලට මේ ටෙන්ඩර් එක ප්‍රධානය කළා, එවෝඞ් කළා කියනවා.”
“[00:16:03] ඊට පස්සේ කියනවා මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ මේ සමාගම කියලා නැවත වතාවක් ඔහු කියනවා මේ සමාගම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වුණු සමාගමක්, 2022 අවුරුද්දේ ලියාපදිංචි කරලා තියෙන්නේ… ඉතින් මේ බෙහෙත් මිලදී ගැනීම කරලා තියෙන විදිමත්, ප්‍රසම්පාදන ක්‍රම වේදයට අනුවත් යනාදී වශයෙන් වැල් වටාරම් ගොඩක් කියනවා.”
“[00:16:54] ඇයි මේ ? මුලින්ම කිව යුතුයි ආණ්ඩුවට මේ ඖෂධය සපයන්නේ මාන පාමසූටිකල්ස් කියන කම්පනි එක නෙවෙයි. සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස තක්කඩි විදිහට ඒ බොරුව කිව්වා. ඔහු තවත් බොරුවක් කිව්වා. දැන් මේ ප්‍රශ්නගත ඖෂධය අපි පහුගිය සෙනසුරාදා භාවිතයෙන් ඉවත් කරන්නට තීරණය කළා කියලා. මේක බොරුවක්, පහුගිය සෙනසුරාදා නෙවෙයි සිකුරාදා 12 වෙනිදා තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ඖෂධ ආනයනය කරන සමාගමට දැනුම් දුන්නේ වහාම මේ ඖෂධය වෙළඳ පොලෙන් ඉවත් කරගන්න කියලා, වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන තෙක්.”
“[00:17:49] දැන් නලින්ද ජයතිස්ස කියන ආකාරයට නම් ඔන්ඩන් සෙට්‍රෝන් ඖෂධය අපට සපයන්නේ මාන් ෆාමසූටිකල්ස් කියන කම්පනියෙන් නම්, ඒ ඖෂධය වෙළඳ පලින් ඉවත් කරගන්න කියලා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දැනුම් දෙන්න ඔනේ කාටද? මාන් ෆාමසූටිකල්ස් කොම්පැනියට. එහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ලියුම යවන්නේ මාන් ෆාමසූටිකල්ස් කියන කම්පනියට නෙවෙයි. මේ ලිපිය යවන්නේ පී. ටී. යි මෙඩිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ් (PTC Medicals Pvt Ltd) කියන සමාගමකට “
“[00:20:21] … එහෙත් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ මෙය සපයන්නේ මාන් ෆාමසූටිකල්ස් කියන සමාගමෙන් කියලා. මේ තක්කඩි බොරුව නලින්ද ජයතිස්ස කිව්වේ ඇයි? මම මේ වීඩියෝවේදී සියලු විස්තර ඔබට කියන්නම්.”
“[00:21:25] එසේම නලින්ද ජයතිස්ස ඇමතිවරයා මේ මාධ්‍ය හමුවේදී තවත් කාරණයක් හැංගුවා. මොකක්ද? මේ මාන් ෆාමසූටිකල්ස් සමාගමේ ඖෂධය පාවිච්චි කරලා තවත් කාන්තාවක් මිය ගිය බවට වාර්තා වුණා කළුතර මහ රෝහලේ.”
“[00:22:00] … මාලිමා ආණ්ඩුව ආවට පස්සේ නලින්ද ජයතිස්ස ඇමතිවරයා ඇතුළු කණ්ඩායමක් ගිගින් බොහොම උජාරුවෙන් මේ රෝහල විවෘත කළා, අත්‍යවශ්‍ය පහසුකම් සපයා නැතිව තිබියේදී. “
“[00:24:56] … මම ඉදිරියේදී කියන්නම්. අන්න අර කළුතර මිය ගිය කාන්තාවට ලබාදුන් ඖෂධයත්, මේ සඳහන් කරන ඖෂධ 10 අතරේ තිබෙනවා.
[00:25:10] මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමතිවරයා පුන පුනා කියන්නට උත්සාහ කළා, මේ ඖෂධය ගැන්නුවේ අපි නෙවෙයි, ගිය ආණ්ඩුව කාලේ තමයි ඔඩර් කරේ, ගිය ආණ්ඩුව කාලේ තමයි ටෙන්ඩර් කරේ, ගිය ආණ්ඩුව කාලේ තමයි ටෙන්ඩරය ප්‍රධානය කළේ. එතකොට ගිය ආණ්ඩුව කාලේ තමයි ඇණවුම ලබාදුන්නේ. ඒවා තමයි අපේ ආණ්ඩුව කාලේ ආවේ. එතැනත් බොරුවක් කළා. මක් නිසාද? මේ ආණ්ඩුව කාලයේ ගෙන්න පුවත් එතන තිඛෙනවා.
“[00:25:42] වගකිව යුතු ඇමතිවරයෙක් මේ තරම් ලැජ්ජා සහගත විදිහට හැයිරෙන්නේ ඇයි? ඔහු උත්සාහ කළේ මේවට අපි වග කියන්න ඔනේ නෑ වගේ හැඟීමකින්. මිනිස් ජිවිත පිළිබඳව ඔහුගේ තක්සේරුව වෙන්න ඇත්තේ එක. එහෙත් මේ වෙළඳ පොලෙන් ඉවත් කරගත්ත පැරන්වන්ට්‍රල් ඩ්‍රග්ස් 10 අතරේ තිබෙනවා… මීට කලිනුත් තහනම් කරපු එක ඖෂධයක්. අන්න ඒ ඖෂධයේ තහනම් ඉවත් කරා මාලිමා ආණ්ඩුව. මේ තමයි, ඒ ඖෂධය තහනම් කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පී.ටී. සී මෙඩිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනයට යවපු ලිපිය.”
“[00:27:50] මේ තහනම් කරපු ඖෂධය මාලිමා ආණ්ඩුව ඇවිත් තහනම අයින් කරනවා. ඉතාම තක්කඩි ආකාරයට. ඇයි තක්කඩි ආකාරයට කියන්නේ? ඒ ඖෂධය ගෙන්නපු කාණ්ඩවල කල් ඉකුත් වීමේ දිනය එනකල් ඉඳලා තමයි තහනම අයින් කරන්නේ. මේක ටිකක් තේරුම් ගන්න අපහසු වගේ ඇති. දැන් කලින් ගෙන් වූ ඖෂධය කල් ඉකුත් වන්නට කලින් තහනම ඉවත් කළා නම් ප්‍රශ්නයක් මතු වෙනවානේ. මේ තහනම් කරපු ඖෂධය මෙන්න තහනම් අයින් කරා කියලා. ඒ චෝදනාව එන්න නැති වෙන්න තමයි ඒකේ එක්ස්පයරි ඩේට් (Expiry date) එක එනකල් ඉඳලා තහනම අයින් කළේ.”
“[00:29:20] සෞඛ්‍ය ඇමතිවරයා ඉතාම සුදනෙක් වගේ හෝදන්නට තැත් කළේ මොකක්ද? භාගන්නට තැත් කළේ මොකක්ද? ඔහු සඟවපු කාරණය තමයි මේ තහනම් කරපු, නැත්නම් ඉවත් කරගන්නට කියලා දැනුම් දීපු ඖෂධ ලංකාවට ගෙන්වන ආයතනයේ නම්, එනම් පී. ටී. සී. මෙඩිකල්ස් ප්‍රයිටර් ලිමිටඩ් නැමැති ආයතනයේ නම් ඔහු කිසිම වෙලාවක කිව්වේ නෑ. ඇයි ඒ? මෙන්න මේකයි හේතුව. මොකක්ද මේ පි. ටී.සී මෙඩිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියන සමාගම?”
“[00:29:58] 9.ටී.යී. මෙඩිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ්, 1140 නොරිස් කැනල් පාර, කොළඹ 10. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියා පදිංචි අංකය MO 12380. කාගෙද මේ සමාගම? අන්න එතනයි නලින්ද ජයතිස්ස හංගපු කාරණය තිබෙන්නේ. මෙන්න පී. ටී. සී මෙඩිකල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය: ගිහාන් බෙනරගම, ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර, ජාලිය වික්‍රම සූරේන්ද්‍ර.”
“[00:30:40] මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න ගිහාන් බෙනරගම කියන්නේ කවුද? කොළඹ නගරාධිපතිනි රායි කැලී බල්තසාර්ගේ මල්ලි කසාද බැඳලා ඉන්න තරුණියගේ අයියා. වෙනත් ආකාරයකට කියනවා නම් කොළඹ නගරාධිපතිනිගේ මස්සිනා. කොළඹ නගරාධිපතිනි කැලී බල්තසාර්ගේ මස්සිනාගේ සමාගමේ නම තමයි නලින්ද ජයතිස්ස හිතා මතාම තක්කඩි විදිහට හැංගුවේ.”
“[00:31:10] ඇයි ? ගිහාන් බෙනරගම කියන්නේ මාලිමාවේ ඉහළ පෙළේ නායකයන්ගේ අතිශය සමීප පුද්ගලයෙක්. කාට හරි දැනගන්නට ඔනේ නම් ගිහාන් බෙනරගම කාත් එක්කද ආශ්‍රය කරන්නේ කියලා, මුලින්ම දැනගන්නට පුළුවන් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාගෙන්. තවත් අවශ්‍ය නම් දැනගන්නට පුළුවන් සුනිල් හඳුන්නෙත්ති ඇමතිවරයාගෙන්, නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන්. කොහොමත් දැන ගන්න පුළු වන්නේ. ඊට අමතරව තව දැනගන්නට පුළුවන් සමන්ත විද්‍යාරත්න ඇමතිවරයාගෙන්.”
“[00:31:59] මේවා පසුගිය ආණ්ඩු වල සිදුවුණු දේවල්. මාලිමා ආණ්ඩුවේ මේවා සිද්ධ වෙන්නට පුළුවන්ද? ඒත් සිහි බුද්ධිය ඇතුව බැලුවොත් පසුගිය ආණ්ඩු කාලයේ සිදුවුණු බොහෝ දේවල් දැන් ඊටත් වඩා නරකම ආකාරයට සිදුවෙමින් පවතිනවා. කිසිම හැඟීමකින් තොරව නලින්ද ජයතිස්ස ඇමතිවරයා, මේ ජීවිතදෙක තුනක් බිලිගත් ඖෂධය පිළිබඳව මාධ්‍ය හමුවේදී කතා කළේ ඒ පිළිබඳව වගේ වගක් නැතිව. ඔහුට කිසිම හැඟීමක් තිබුණේ නෑ. ඔහු හිනා වෙවී කරුණු පැහැදිලි කළා. ඔහුට මේ මරණ ගැන කිසිම තැකීමක් නැහැ. ඔහුට පමණක් නොවෙයි සමස්ථ මාලිමා ආණ්ඩුවටම තැකීමක් නෑ. මාලිමා ආණ්ඩුවෙන් පෙනී සිටින අයත් ඒ ආකාරම තමයි. දිව්වා සුළි කුණාටුවෙන් සිදු වෙච්ච මරණ පිළිබඳව, අතුරු දහන් වූ මිනිසුන් පිළිබඳව, කඩා වැටුන මිනිසුන්ගේ ජන ජීවිතගැන නෙවෙයි මේ අය කතා කරන්නේ, මාලිමා ආණ්ඩුවෙන් ආධාර දෙන හැටි.”
“[00:33:27] මේක නලින්ද ජයතිස්සලා ඉල්ලල්ලා අරගත්ත වැඩසටහනක්. ඒ ඉල්ලලා අරගත්ත වැඩසටහනේදී කළිඳු කරුණාරත්න ෆ්ලැට් වෙන්න දුන්නා කියලා මාලිමා ආණ්ඩුව හෝදන මාධ්‍ය බලකායේ අයනම් උදම් වෙනවා තමයි. එහෙත් ඇත්තටම එය සැලසුම් සහගතව පටිගත කරන ලද, කලින් පුහුණු කරන ලද වැඩසටහනක්. ඉතින් මේ සිදුවීමේදීත් නලින්ද ජයතිස්ස ඇමතිවරයා හැසිරුනේ තමන්ගේ වගකීම පිළිබඳව කිසිම හැඟීමක් නැති නිලැජ්ජිතආකාරයට. “
“[00:40:58] අන්න ඒ සඳහා පසුගිය දවසක මේ ආණ්ඩුව ලංකාවේ ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළා. තෝරාගත් ඖෂධ 350 ක මිල මට්ටම ආණ්ඩුව නියම කළා. ඊට වඩා වැඩි මිලට කිසිම ඖෂධයක් විකුණන්න තහනම්. එපමණක් නොවෙයි ආණ්ඩුව ප්‍රසිද්ධ නිවේදනයකුත් ඒ සම්බන්ධයෙන් නිකුත් කළා.”
“[00:41:25] මේ ඒ නිවේදනය. “ඖෂධ නිෂ්පාදන සඳහා උපරිම සිල්ලර මිල පිළිබඳ දැන්වීමයි. 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරී පන්න අනුව දැනටමත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සහතික කර ඇති පහතසඳහන් ඖෂධ වල උපරිම සිල්ලර මිල සම්බන්ධයෙන් මහජන සුභ සිද්ධිය උදෙසා මෙසේ දැනුවත් කර සිටී. මෙම ඖෂධ උපරිම සිල්ලර මිලට වඩා ඉහලින් අලෙවි කරන යම් තැනැත්තෙක් හෝ ආයතනයක් වේ නම් ඒ පිළිබඳව කරුණා කර ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත දන්වන්න. මෙම ඖෂධ වල මිල ගණන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය හරහාද දැනුම් දෙනු ලැබේ.”
“[00:42:06] ඔබ දන්නවද එසේ සිල්ලර මිල නියම කරන ලද ඖෂධ වර්ග 350 න් 172ක්ම ඉන්දියන් ඖෂධ. 99ක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ, දැන් ඔබට හිතාගන්නට පුළුවන් නේද? අනික් සියලුම රටවල්… ලංකාවට බෙහෙත් ආනයනය කරන රටවල් 20ක 21ක පමණ ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියලු දෙනාගෙන්ම මිලදී ගන්නා ඖෂධ මේ ඖෂධ 350 අතර තියෙන 69 ක් වගේ අඩු
14. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, රෝහල් වලට සපයා ඇති ඖෂධ සම්බන්ධයෙන් අනියත බියක් සමාජය තුළ ඇති කර, මාගේ සේවාදායකයා සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් මෙරටට ඖෂධ ගෙන්වන සමාගමක් සමග වංක සහයෝගයෙන් කටයුතු කරන බවට මහජනතාවට ඔබ විසින් හඟවා ඇති බවත්, එමගින් ඔබ විසින් මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සාහ ඇති කර ඇති බවත්ය.
15. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දැනුම් දී සිටින්නේ, මාගේ සේවාදායකයා සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කටයුතු කරන හෙයින්, ඔහු සම්බන්ධයෙන් එවැනි අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් සිදු කිරීම තුළින්, ඔහු පිළිබඳ සහ ඔහු ගන්නා සියලු තීරණ සම්බන්ධයෙන් මහජනතාව තුළ අවිශ්වාසයක් ඇති කිරීම ඔබ විසින් හිතාමතා අදහස් කර ඇති අතර, එමගින් මාගේ සේවාදායකයා දිර්ඝ කාලයක් තිස්සේ ගොඩනගා ගෙන තිබූ කීර්ති නාමයට ද්වේශ සහගත ලෙස හානි කිරීම ඔබගේ ද්වේශ සහගත අරමුණ වී ඇති බව පෙනී යන බවයි.
16. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, ඉහත කී ප්‍රකාශය සෘජුව ද, ව ක්‍රෝත්තියෙන් ද මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් අපහාසාත්මක වන බවත්, ඔහුගේ කීර්ති නාමයට හානි කර ඇති බවත්, එම ප්‍රකාශයන් සිදු කිරීමේ දී ඔබ මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් ද්වේශ සහගතව කටයුතු කර ඇති බවත්, එහිදී ඔබ චේතනාන්විතව සහ/ හෝ යටි අරමුණු සහිතව දුෂ්ට චේතනාවෙන් මාගේ සේවාදායකයා සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවත්ය.
17. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, ඔබ විසින් සිදු කරනු ලද, ඉහත කී අපහාසාත්මක ප්‍රකාශය මගින් මෙතෙක් මාගේ සේවාදායකයාට සිදුවී ඇති හානිය රුපියල් බිලියනයකට මාගේ සේවාදායකයා සාධාරණව තක්සේරු කර සිටින බවයි.
18. ඒ අනුව තව දුරටත් මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, ඉහතකී ඔබගේ ප්‍රකාශය අන්තර්ජාලයේ ඕනෑම අයෙකුට තවමත් නිදහසේ ප්‍රවේශ විය හැකි ආකාරයෙන් ඔබ විසින් පවත්වා ගෙන යනු ලබන බවත්, ඒ අනුව එය දැනට ද, දේශීයව ද විදේශීයව ද, විශාල පිරිසක් අතරේ හුවමාරු වෙමින් පවතින බවත්, මිනිසුන්ට නැරඹිය හැකි ආකාරයෙන් පවතින බවත්, ඒ අනුව එය දිගින් දිගටම අන්තර්ජාලයේ නිදහසේ ප්‍රවේශ විය හැකි ආකාරයෙන් එය පැවතුනහොත් මාගේ සේවාදායකයාට පිරිමසාලිය නොහැකි ආකාරයේ හානියක් සහ පාඩුවක් සිදුවන බවයි.
19. ඒ අනුව, මාගේ සේවාදායකයාගේ උපදෙස් මත ඔබ වෙත දන්වා සිටින්නේ, ඔබ විසින් සිදු කරනු ලද ඉහත කී අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් මේ මෙතෙක් මාගේ සේවාදායකයාට සිදුවී ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් වහාම මාගේ සේවාදායකයා හට ගෙවීමට කටයුතු කරන ලෙසත්, එසේ ඔබ විසින් ගෙවීම පැහැර හැරියහොත් එම මුදල නෛතික පොලිය, නඩු ගාස්තු සහ වෙනත් සහන සහිතව අය කර ගැනීමට ඔබට එරෙහිව මින් මතු කිසිදු දැනුම් දීමකින් තොරව නඩු පවරනු ලබන බවයි.
20. මාගේ සේවාදායකයාගේ උපදෙස් මත තවදුරටත් දන්වා සිටින්නේ, ඔබ විසින් සිදු කරනු ලද ඉහත කී අපහාසාත්මක ප්‍රකාශය අන්තර්ජාලයේ තව දුරටත් නරඹන්නන් හට නිදහසේ ප්‍රවේශ විය හැකි ආකාරයෙන් පවත්වා ගෙන යාම හේතුවෙන් මාගේ සේවාදායකයාට පිරිමසාලිය නොහැකි ආකාරයේ හානියක් සිදුවන බවත්, ඒ අනුව වහාම අන්තර්ජාලයේ ඔබ විසින් උඩුගතකර ඇති සහ/හෝ ඔබ උඩුගත කිරීමට සලස්වා ඇති එකී වීඩියෝව ඉවත් කර ගන්නා ලෙස සහ/ හෝ අන්තර්ජාල පරිශීලකයින්ට තවදුරටත් ප්‍රවේශ වීමට සහ බෙදා හැරීමට නොහැකි ආකාරයට තබන ලෙස දන්වා සිටිනු ලබන බවත්, ඔබ විසින් මෙම ලිපියේ කරනු ලබන ඉල්ලීමට පටහැනිව කටයුතු කළහොත් එයින් ඔබ වළක්වාලීම සඳහා සුදුසු ආකාරයේ අතුරු සහන ප්‍රදානය කරවා ගැනීමට ද ඔබට එරෙහිව මින් මතු කිසිදු දැනුම් දීමකින් තොරව නඩු පවරනු ලබන බව ද මෙයින් දන්වා සිටිමි.
මෙයට
විශ්වාසී,
සම්පත් යාලෙවත්ත
නීතීඥ (A26360).
ප්‍රසිද්ධ නොතාර්ස් සහ දිවුරුම් කොමසාර්ස්
අංක: 192, අත්තාවේ වීදිය, කොළඹ-12.