2026 වසරේ පාසල් කාලසටහන ගැන විශේෂ නිවේදනයක්
Local • Published on: 2026-01-03 02:51:43
රජය ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2026 වසර සඳහා පාසල් කාලසටහන සංශෝධනය කිරීම සහ අධ්‍යාපන කාර්ය මණ්ඩලය උපයෝජනය කිරීම පිළිබඳව නව මාර්ගෝපදේශ සහ උපදෙස් මාලාවක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.
මීට පෙර පාසල් අවසන් කරන වෙලාව පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර තිබුණත් පවතින ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් එය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති බව සඳහන්.
මේ අනුව 2026 වසරේ දී ද පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පෙර පරිදිම ක්‍රියාත්මක වනු ඇති.
1 සහ 6 ශ්‍රේණි හැර අනෙක් සියලු ශ්‍රේණි සඳහා 2026 පළමු පාසල් වාරය ජනවාරි 5 වනදා ආරම්භ වනවා.
තවද 6 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 21 වනදා සහ 1 වන ශ්‍රේණිය සඳහා ජනවාරි 29 වනදා අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.