×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පහර කෑමට ලක්වූ 14 හැවිරිදි දරුවෙක් මරුට

Local  •  Published on: 2026-01-03 04:45:23

නූරිය ප්‍රදේශයේ නූරියවත්ත 2 කොටසෙහි පදිංචිව සිටි වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකුට පහර දී ඝාතන කර ඇති බවට වූ තොරතුරක් සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

නූරිය පොලීසිය පැවසුවේ අදාළ සිද්ධියට මුහුණ පෑ දරුවාට පහරදෙන බවට ඊයේ (02) රාත්‍රියේ පණිවිඩයක් ලැබුණු බවයි.

මේ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී පිරිමි ළමයෙකු නිවසක් අසල වැටී සිට ඇති බව දැක තිබෙනවා.

එහිදී පොලීසිය එම දරුවා නූරිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහල් වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇති බව වාර්තා වනවා.

මේ අනුව මෙම මරණය සැක කටයුතු බැවින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

දරුවාගේ මරණයට සැකපිට දරුවාගේ පියා නූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.