×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ට්‍රම්ප්ගේ නියෝගයකින් වෙනිසියුලාවට ප්‍රහාර

Local  •  Published on: 2026-01-03 08:55:20

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි පිපිරීම් කිහිපයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ විශාල ශබ්ද සහිතව දුම් වළාවකින් අගනුවර වැසී ඇති බවයි.

එරට වේලාවෙන් අලුයම 1.50ට පමණ පළමු පිපිරීම සිදුව තිබෙනවා.

වෙනිසියුලාවේ වෙසෙන ජාත්‍යන්තර මාධ්‍යවේදියෙක් සමාජ සටහනක් තබමින් පැවසුවේ "ඒවා හරිම ප්‍රබලයි. පිපිරීමෙන් පස්සේ මගේ ජනේලය සෙළවුනා" යනුවෙනි.

පිපිරීම් මාලාව සමඟ නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි වී ඇති බවද වාර්තා වනවා.

පිපිරීම්වලින් පසු වෙනිසියුලා අගනුවර අහසේ ගුවන් යානාවල ශබ්දය ඇසී ඇති අතර පිපිරීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා වෙනිසියුලාවට අනතුරු අඟවා තිබුණා.

එහිදී ඔහු සඳහන් කළේ එරට තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයන්ට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට තමන් සුදානම් බවයි.

මේ හේතුවෙන් ළඟදීම ගොඩබිම් ප්‍රහාර ආරම්භ කරන බවද ට්‍රම්ප් මෙහිදී අනතුරු අඟවා තිබුණා.

මේ අතර BBC පුවත් වාර්තා පෙන්වා දෙන්නේ වෙනිසියුලාවේ කරාකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග ලබාදී ඇති බවත්ය.

එරට වේලාවෙන් අද (03) අලුයම 1.50ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා.

වෙනිසියුලානු හමුදා කඳවුරු කිහිපයක් ප්‍රහාරවල ඉල්ලකය වී තිබූ බව සඳහන්.

මේ අතර මෙම ප්‍රහාර මාලාව සමඟ වෙනිසියුලානු ජනාධිපතිවරයා එරට හදිසි තත්තවයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.