×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

වෙනිසියුලානු ජනාධිපතිවරයා නිව්යෝර්ක්වලට රැගෙන එයි

Local  •  Published on: 2026-01-04 02:37:22

අමෙරිකානු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ මේ වන විට නිව්යෝර්ක් නුවරට රැගෙන විත් තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු වේලාවෙන් සවස 5.15ට පමණ ඔහු රැගත් ගුවන් යානය Stewart Air National Guard Base වෙත ළඟා වූ බවයි.

මේ අතර වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපතිවරයා අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (03) මාධ්‍ය වෙත පළමු වරට අදහස් දැක්වුවා.

එහිදී ට්‍රම්ප් සඳහන් කළේ ඔහු අල්ලා ගන්නා අවස්ථාවේ දී ඔහු නිවසක නොව බලකොටුවක් වැනි ස්ථානයක සිටි බවයි.

එම අවස්ථාව තමා සජීවීව නැරඹු බවද අමෙරිකානු ජනාධිපතිවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

මෙම ප්‍රහාර මීට දින 4කට පෙර සිදු කිරීමට සැලසුම් කර තිබුණ ද කාලගුණික තත්ත්වය හමුවේ එය වෙනස් වූ බවත් කාලගුණය යහපත් වූ වහාම ඒ සඳහා ක්‍රියාත්මක වන ලෙස තමන් දැනුම් දුන් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවා.

ඔහු සඳහන් කළේ ප්‍රහාරයට සති කිහිපයකට පෙර මධුරෝ යටත් වන ලෙස දැන්වූ බවයි.

මේ අනුව තමන් වෙනිසියුලානු ජනාධිපතිවරයා සමඟ සිදුකළ දුරකථන සාකච්ඡාවකදී යටත්වන ලෙස දැන්වූ බවද ට්‍රම්ප් මෙහිදී මාධ්‍ය වෙත කියා සිටියා.

මේ අතර අමෙරිකානු මෙරීන් බලකාය විසින් අල්ලාගත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් බලා පැමිණීමෙන් සිටින බව අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (03) රාත්‍රීයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

ඔවුන් බොහෝ මිනිසුන් සහ අමෙරිකානුවන් විශාල ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මරා දැමු බවත් ඒ අනුව මෙම චෝදනා මත ඔවුන් දෙපලට නිව්යෝර්ක් හිදී අධි චෝදනා ගොනු කරන බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා.

මේ අතර වෙනිසියුලාවේ අනාගතය සම්බන්ධයෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

එහිදී ඔහු සඳහන් කළේ එරට පවතින තත්ත්වය මත එරට බලය අත්පත් කර ගැනීම සඳහා විපක්ෂ නායිකාව වන මාරියා කොරිනා මචාඩෝට සහාය ලබාදීම සම්බන්ධව සොයා බැලිය යුතු බවයි.

වෙනිසියුලාවේ මේ වන විටත් දැනට උප ජනාධිපතිවරයෙක් සිටින බවත් ඔවුන් කුමන ආකාරයෙන් කටයුතු ඉදිරියට සිදු කරනවාද නැද්ද යන්න තමන් නොදන්නා බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා.

තවද රට තුළ ඉතිරිව සිටින ඕනෑම මධුරෝ පාක්ෂිකයෙකුට එරෙහිව දෙවන රැල්ලකට එක්සත් ජනපදය සුදානම් බවද ඔහු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

ඊට අමතරව ඉදිරියේ දී වෙනිසියුලාවේ තෙල් සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා අමෙරිකානු සමාගම් දැඩි ලෙස සම්බන්ධ වනු ඇති බව තමා විශවාස කරන බවද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.