රියදුරු බලපත්‍ර කාඩ්පත් ගැන විශේෂ නිවේදනයක්
Local • Published on: 2026-01-04 03:00:59
රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා ලයිසන් කාඩ් ලක්ෂ 8ක් ලැබී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.
කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ මේ වන විට රියදුරු බලපත්‍ර දෙලක්ෂ හතලිස් දහසක් මුද්‍රණය කර ඇති බවයි.
පෙබරවාරි 28 වන විට දැනට ලබාදී ඇති තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට අදාළ සියලුම දෙනාට රියදුරු බලපත්‍ර මුද්‍රණය කොට ලයිසන් කාඩ් ලබාදීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරනවා.
කොමසාරිස්වරයා කියා සිටියේ රියදුරු බලපත්‍ර කාඩ්පත් පත් නොමැති වීම හේතුවෙන් ලක්ෂ 4 1/2කට පමණ ලබාදී තිබුණේ තාවකාලික රියදුරු බලපත්‍ර බවත් ඊයේ (03) දින වන විට දෙලක්ෂ හතළිස් දහසකට රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කල බවත්ය.
ඒ අනුව ඉතිරි රියදුරු බලපත්‍ර දෙලක්ෂ බලපත්‍ර දස දහස පෙබරවාරි 28ට පෙර මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කිරීමට නියමිතයි.
සාමාන්‍යයෙන් මාසකට දළ වශයෙන් අලුතින් රියදුරු බලපත්‍ර 60000ත් 80000ත් අතර ප්‍රමාණයක් මුද්‍රණය කරන බවත් ලයිසන් කාඩ්පත් ඇනවුම් කර ඇති නිසා නැවතත් කාඩ්පත් අර්බුදයක් ඇති නොවන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසනවා.