×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

අතීතයේ සිට වර්ථමානයට ගී ලියූ චන්ද්‍රසේන තලංගමයන් දිවි සැරිය නිම කරයි

Local  •  Published on: 2026-01-05 05:04:11

ප්‍රවීණ ගේය පද රචක පුවත්පත් කලාවේදී චන්ද්‍රසේන තලංගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (04) රාත්‍රියේ මියයන විට ඔහුගේ වයස අවුරුදු 71කි.

වෘත්තීයෙන් පුවත්පත් කලාවේදියෙකු වූ ඒ මහතා ජීවිතේ සැදෑ වියේ දී ගී පද රචකයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට සමත් වුණා.

1944 වසරේ තලංගම ප්‍රදේශයේ දී උපන් ඔහු පුවත්පත් කලාවේදියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය 1980 වසරේ දී ආරම්භ කළා.

එහිදී තලංගම චන්ද්‍රසේන නමින් ලිපි ලියු ඒ මහතා පසුව චන්ද්‍රසේන තලංගම ලෙස කලා ලෝකය තුළ මහත් ජනාදරයට පත් වුණා.

සිය ජීවන අත්දැකීම් ඇසුරින් කාලයක් ගී පද ගෙත්තම් කළ ඔහු ලිපි ලේඛන අතරම සැඟව සිටියා.

නමුත් නූතන සංගීතයේ ජනප්‍රිය තරුවක් වන චරිත අත්තලගේ එම පද මාලා ගීත බවට පත් කිරීමට මුලික වනවා.

ඒ ඔහුගේ ජීවිතයට නැවත වසන්තය රැගෙන එමිනි.

2017 වසරේ දී ජනගත කෙරුණු සංසාරයේ මා නැමැති ගීතය තලංගමයන්ගේ පළමු ගීතය වනවා.

එතැන් පටන් ඔහුගේ අතින් ලියැවුණු අර්ථයෙන් පෝෂිත වාග් මාලා මෙරට තාරුණ්‍ය අතර අතිශය ජනාදරයට පත් වුණා.

ඔහුගේ නිසඟ හැකියාව නූතන පරම්පරාවට නුහුරු නුපුරුදු වචන සහිතව ලියූ ගීත තරුණ තරුණියන්ගේ මුවඟ නිරත රැඳෙන ගීත බවට පත් කරන්නට හැකි වුණා.

තලංගමයන්ගේ ගීත රචනා විටෙක ප්‍රේමය ද, විටෙක ඉතිහාසය ද, තවත් විකා නූතන සමාජ ප්‍රවණතා ද වස්තු විෂයන් කරගනිමින් නිර්මාණය වුණා.

යොවුන් වියේ දී සැබෑ කරගත නොහැකි සිහිනයක්, සැඳෑ වියේ දී සැබෑ කර ගනිමින් නූතන ගීතය තුළ ඔහු සටහන් කළ සලකුණ ලාංකීය ජන හදවත්වලින් කිසිඳා මැකී නොයනු ඇති.