×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

රජයේ රෝහල්වලට ප්‍රථමවරට ආහාරපාන දෙපාර්තමේන්තුවක්

Local  •  Published on: 2026-01-06 02:16:17

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ගුණාත්මක, උසස් පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය අද (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරෙන බවයි.

රෝගීන්ට ලබාදෙන සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර අංග වෙන් වෙන්ව තැනපත් කළ විශේෂ පිඟානකින් ආහාර පිරිනැමීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වනවා.

මෙවැනි ආකාරයට සැකසු ආහාර වේලක් දුටු සැණින්ම රෝගියාට ආහාර ගැනීමට රුචියක් සහ ප්‍රියතාවක් ඇති බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඒ අනුව මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර රෝගීන් 2000කට ආහාර සැකසිය යුතු නවීන පහසුකම්වලින් සපිරි මුළුතැන්ගෙයක් ස්ථාපිත කර ඇති අතර එය අද (06) දිනයේ දී විශේෂ වැඩපිළිවෙලට සමගාමීව විවෘත කරනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ සාම්ප්‍රදායික “කුස්සිය” හෝ “kitchen” යන නාමය වෙනුවට එය “ආහාරපාන දෙපාර්තමේන්තුව” ලෙස නම් කර ඇති බවයි.

නවීන ආකාරයට ආහාර සැකසීම හා පිළිගැන්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ද ලබාදී ඇති බව වාර්තා වනවා.

මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට එම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.