×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

බංග්ලාදේශය තුළ IPL විකාශනය තහනම් කරයි

Local  •  Published on: 2026-01-06 02:57:40

එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය බංග්ලාදේශය තුළ විකාශනය කිරීම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු ක්‍රීඩකයෙක් වන මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගත් මෙම තීරණය බංග්ලාදේශ ජනතාව අතර දැඩි කනස්සල්ලක් මේ වන විට ඇති කර තිබෙනවා.

මුස්තාෆිසුර් IPL තරඟාවලියෙන් ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැහැ.

මේ අතර මෙම සිදුවීම සමඟ බංග්ලාදේශය සහ ඉන්දියාව අතර ක්‍රීඩා සබඳතා තුළ නව උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

ක්‍රීක්ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත තරඟ සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ අනුව දෙරට අතර පවතින දේශපාලනික නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර ඉන්දියාව සහ බංග්ලාදේශ අතර පවතින වාර්ගික මතභේද හේතුවෙන් එළැඹෙන ලෝක කුසලානයේ ඉන්දියාවේ දී පැවැත්වෙන තරඟවලට සහභාගී වීමට අකමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් ලෝක කුසලානයේ ක්‍රීඩා කරන සියලු තරඟ ලංකාවේ පවත්වන ලෙස මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇති බව සඳහන්.