×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ශබ්ද, වායු, ජල දූෂණය කලොත් වරෙන්තු නැතුවම අත්අඩංගුවට

Local  •  Published on: 2026-01-06 07:21:16

සංශෝධිත ජාතික පාරිසරික පනත යටතේ වායු දූෂණය, ශබ්ද දූෂණය සහ ජල දූෂණය සිදු කිරීම වරෙන්තුවක් නොමැති අත්අඩංගුවට ගත හැකි වරදක් බවට පත් කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එම වරදක් සිදුකර අයෙකුට රුපියල් ලක්ෂයේ සිට මිලියනයක් දක්වා දඩ නියම කළ හැකි බවයි.

තවද අදාළ වැරැද්ද අඛණ්ඩව සිදු කරන්නේ නම් එක් දිනකට නියම කරන දඩ මුදල රුපියල් 5000කි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසන්නේ පරිසර දුෂණය පාලනය කිරීමට අත්‍යාවශ්‍ය මීට පෙර පරිසර පනතේ අඩංගු නොවූ ක්ෂේත්‍රයන් කිහිපයක් සංශෝධිත පනතට එකතු කර ඇති බවයි.

ඒ අනුව සායනික දූෂණය පාලනය, උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය යන කරුණු සම්බන්ධව නව සංශෝධනයට ඇතුළත් කර තිබෙනවා.

1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වසර 25කට පසුව සංශෝධනය කිරීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට ඊයේ (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහසක් පළ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ සංශෝධිත ජාතික පාරිසරික පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුගිය දෙසැම්බර් මස 29 වනදා කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය හිමිවූ බවයි.

තවද භූගත ජලය දූෂණය වැළැක්වීම, ශබ්ද දූෂණය වැළැක්වීම යනාදී කාරණා සඳහා ද නව ප්‍රතිපාදන එකතු කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.