වීථි ලාම්පු සඳහා වන වියදම් අදාළ ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලට?
Local • Published on: 2026-01-07 04:11:01
යෝජිත නව විදුලි ප්‍රතිපත්තිය මඟින් තම ප්‍රදේශයේ පිහිටා ඇති විථි ලාම්පු සඳහා වැයවන එම ප්‍රදේශයේ ජනතාවගේ විදුලි බිලෙන් අය කිරීමට යෝජනා කර ඇති බව වාර්තා වනවා.
විදුලි පාවිච්චි කරනන්ගේ සංගමය පවසන්නේ මෙම අගය විදුලි පාරිභෝගිකගේ බිලෙන් අය කිරීමට යෝජනා කර ඇති බවයි.
මෙම අගය විදුලි පාරිභෝගිකයාගේ බිලෙන් 2.2%ක් නොවැඩිය යුතු බවට දැනුම් දී ඇති බවද එම සංගමය සඳහන් කරනවා.
"යම්කිසි ප්‍රදේශයක භාවිත කරන විදුලි බල්බ්වල වොට් ප්‍රමාණය ගණනය කරලා, ඒ ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර බෙදලා විදුලි බිලට එකතු කරන්න හදනවා. ඒ එකතු කරන අගය තමුන්ගේ විදුලි බිලේ වටිනාකමින් 2.2% නොවැඩි අගයක් විය යුතුයි කියලත් කියලා තියෙනවා."
විථි ලාම්පු කළමනාකරණ කිරීම සඳහා පළාත් පාලන ආයතනවලට ඇති බලය ඉවත් කර වෙනත් ආයතනයකට පැවරීමට ද මෙමඟින් යෝජනා කර ඇති බවද ඔහු කියා සිටියා.
"අපි දන්නවා ප්‍රාදේශීය සභාවකින්, නගරසභාවකින්, මහ නගර සභාවකින් තමා මේ පොදු වීථි ලාම්පු සහ පොදු ආලෝකකරණය ගැන නගරබද නඩත්තු කටයුතු කරන්නේ. දැන් මේ යෝජනාවේ තියෙනවා මේවා ප්‍රාදේශීය සභාවෙන්, නගරසභාවෙන් ගලවලා දාලා වෙනම ආයතනයක් හදන්න."