×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි  •  චීන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට  •  සංස්කෘතිය බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩනගන්න බෑ - පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමි  •  ඩොලර් බිලියනක ආයෝජන ගත වූ වසරේ රටට ආකර්ෂණය කළා - අමාත්‍ය අනිල් ජයන්ත  •  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය බාහිර පාර්ශවයකට අතට යාම ගැන විමර්ශන අරඹයි

ඉන්දියාවේ තියෙන තරඟ වෙනස් නොකරොත් බංගලියෝ ලෝක කුසලානයෙන් ඉවතට

Sports  •  Published on: 2026-01-07 04:34:13

බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ පැවැත්වෙන ස්ථාන පිළිබඳව මෙතෙක් කිසිඳු වෙනසක් සිදුකර නොමැති බව වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ අදාළ තරඟ පැවැත්වීමට ආරක්ෂක අවදානමක් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් එම කරුණ පිළිබඳව අවසන් තීරණය ජනවාරි 10 වනදාට පෙර ගනු ලබන බවද එම කවුන්සිලය පැවසුවා.

මේ අතර බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩල අධ්‍යක්ෂ අසිෆ් අක්බර් පවසා ඇත්තේ බංග්ලාදේශ කණ්ඩායමේ ලෝක කුසලාන තරඟ පවත්වන ස්ථාන ඉන්දියාවේ නොපවත්වා එම තරඟ ශ්‍රී ලංකාවට වෙනස් නොකළහොත් බංග්ලාදේශ කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් වන බවයි.