×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

සාරා ජස්මින් මිය ගිහිල්ලා නෑ - විවෘත වරෙන්තු ගන්නවා - ඇමති ආනන්ද විජේපාල

Local  •  Published on: 2026-01-08 01:36:33

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගොස් ඇති බවට මීට පෙර පැවැති රජය සමයේ තහවුරු කිරීමට උත්සාහ කළ ද, ඇය මියගොස් නැති බවට වන කරුණු මේ වන විට විමර්ශන අංශ මඟින් අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සාරා ජස්මින් මෙරටින් පලා ගොස් ඇති බවට සැක පවතින පසුබිමක ඇය සම්බන්ධව පවතින විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධව ඔහු මෙම අදහස් පළ කළා.

ඒ මහතා පැවසුවේ සාරා ජස්මින් අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නම් විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

සාරා ජස්මින් ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා නොමැති බවත් ඒ සම්බන්ධව ගැඹුරු විමර්ශන ක්‍රියාත්මක වන බවත් ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේ යන්න සම්බන්ධව නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.

විමර්ශනවලට බාධාවක් විය හැකි ඇතැම් සංවේදී තොරතුරු මේ මොහොතේ පාර්ලිමේන්තුවේ හෙළිකළ නොහැකි බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

“පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිද්ධ වෙමින් පවතිනවා. සහ සාරා ජස්මින් මිය ගියේ නැති බවට යම් යම් තොරතුරු මේ වෙනකොට අණාවරනය වෙලා තියෙනවා, විමර්ෂන අංශයෙන්. අපිට කිසිදු තොරතුරක් වාර්තා වෙලා නැහැ සාරා ජස්මින් ඉන්දියාවේ ඉන්නවැයි කියලා. නමුත් විමර්ෂන දිගින් දිගට පැවැත්වෙනවා වගේම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර තොරතුරු අනුව අධිකරණ ක්‍රියාමාර්ගත් මේ වෙනකොට අරන් තියෙනවා. සහ මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූවේදැයි යන්න පිළිබඳ විමර්ෂන තමා නව රජය යටතේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ, මේකේදී ගැඹුරු විමර්ෂනයක් සිද්ධ වෙමින් පවතිනවා.

සමහර කාරනා විමර්ෂනයට බාධාවක්. ඒ හින්දා මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ හෙළි කරන්න අදහස් කරන්නේ නැහැ. ඉතින් විමර්ෂන සිද්ධ කරනවා, අවශ්‍යනම් සාරා ජස්මින්ව වරෙන්තුව ගන්න අපි කටයුතු කරනවා”