×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ප්‍රධාන ජලාශවල ජල මට්ටම් ගැන දැනුම් දීමක්

Local  •  Published on: 2026-01-08 16:24:40

මහවැලි ජලාශ පද්ධතියේ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ යන ජලාශවල ජල මට්ටම පිළිබඳව මහවැලි අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිමහවැලි අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව වික්ටෝරියා ජලාශය වාන් මට්ටමට 188cm පහළ පවතින අතර රන්දෙනිගල වාන් මට්ටමට 40cm පහළ මට්ටමක සහ රන්ටැඹේ ජලාශයේ වාන් මට්ටමට 151cm පහළ පවතින බවයි.

මේ අනුව මේ වන විට ජලාශ වාන් දැමීමක් සිදු නොවුන ද කාලගුණ පුරෝකථනයන්ට අනුව එම ජලාශවල පෝෂිත ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාපතනය අනුව ජලාශ වාන් මට්ටම කරා ලඟා වී තිබෙනවා.

මෙලෙස ඇතිවන වර්ෂාපතනය තවදුරටත් පවතිනවා නම් ඉදිරියේ දී රන්දෙනිගල ජලාශය වාන් දැමීම සිදුවිය හැකි බවත් එමඟින් රන්ටැඹේ ජලාශයෙන් මිනිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවද එහි සඳහන් වනවා.

තවද වික්ටෝරියා ජලාශය වාන් දැමීම සිදු වුවහොත් මිනිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවද අදාළ නිවේදනයෙන් පෙන්වා දෙනවා.

පහත් නිම්න ප්‍රදේශවල ගඟ පරිහරණය කරන ජනතාවට විමසිලිමත්ව හා ආරක්ෂාකාරීව කටයුතු කරන ලෙස ද එම අධිකාරිය දැනුම් දෙනවා.