ආපදාවෙන් හානියට පත් නිවාසවලට රු. ලක්ෂ 50 ලබාදීමේ වැඩසටහන අද අනුරපුරෙන් ඇරඹේ
Local • Published on: 2026-01-09 02:43:55
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ නිවසක් වෙනුවෙන් 'Rebuilding Sri Lanka' වැඩසටහන යටතේ නව නිවසක් ඉදි කර ගැනීමට රජයෙන් රුපියල් ලක්ෂ 50ක් ලබාදීමේ නිල වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) අනුරාධපුරයේ දී පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ චක්‍රලේඛය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.
එහි යම් නිවසකට පූර්ණ හානි සිදුවූ බවට හඳුනා ගැනීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදෙන නිර්දේශ ඇතුළත් කර ඇති බව සඳහන්.
මේ අතර මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
මෙහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක්වූ කර්මාන්ත සඳහා මුදල් යෙදවීම සම්බන්ධව සාකච්ඡා වී තිබෙනවා.
ආපදාවට ලක්වූ ව්‍යාපාරිකයන් සඳහා විවිධ ණය ක්‍රම සම්බන්ධව ද අවධානය යොමුව ඇති බව සඳහන්.
මේ අනුව රුපියල් මිලියන 25ක කාරක ප්‍රාග්ධන ණය සහ ආයෝජන යෝජනා ක්‍රමයක්, 5% පොලියට රුපියල් මිලියන 25ක ණය ක්‍රමවේදයක් මේ වන විට සකසා තිබෙන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසුවා.
එහිදී ඔහු සඳහන් කළේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය වෙත මේ වන විටත් රුපියල් බිලියනක මුදලක් ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් ලබාදී ඇති මෙම මුදල තවමත් යොදා නොගැනීම පිළිබඳව මෙහිදී අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමු වී තිබෙනවා.