×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ලංකාවේ නිමි ඇඳුම් වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යයෙන් ලැබුණු ලොකු වාසිය

Local  •  Published on: 2026-01-09 03:14:57

ශ්‍රී ලංකාවෙන් සිදු කරන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබූ නව වෙළෙඳ පැකේජය මෙම වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය ඊයේ (08) මේ බව සඳහන් කළා.

සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදු කරන ආනයනය සරල කරමින් මෙම වෙළෙඳ පැකේජය හඳුන්වා දී තිබෙනවා.

මේ අනුව එක්සත් රාජධානිය වෙත අපනයනය කරන බොහෝ භාණ්ඩ තීරු බදු රහිතව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇති.

පැවතුනු ආනයනික ප්‍රතිපත්තීන්, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමයට වැඩිදියුණු කිරීම හරහා එක්සත් රාජධානිය සමඟින් වෙළෙඳාම පහසුකරවන අතර ඇඟලුම්, ආහාර, ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවකට එක්සත් රාජධානියේ තීරුබදු රහිත ප්‍රවේශය මේ සමග හිමි වනවා.

මෙම නව වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවේ සිට එක්සත් රාජධානිය වෙත සිදු කරන නිමි ඇඳුම් අපනයන කැපී පෙනෙන ලෙස ඉහළ යනු ඇති බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් අපනයන සඳහා දෙවන විශාලතම වෙළෙඳපොල වන්නේ එක්සත් රාජධානියයි.

එහි වටිනාකම ආසන්න ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 675ක් පමණ වනවා.

මේ අනුව වැඩපිළිවෙල යටතේ නිමි ඇඳුම් අපනයනය කැපී පෙනෙන මට්ටමකින් ඉහළ යනු ඇති.