×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Local  •  Published on: 2025-09-26 05:57:14

දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (26) රාත්‍රී 10 දක්වා වලංගු වනු ඇති.

මේ අනුව,

අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න

කළුතර දිස්ත්‍රික්කය - වලල්ලාවිට

මාතර දිස්ත්‍රික්කය - වැලිපිටිය

අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න

ගාල්ල දිස්ත්‍රික්කය

- නාගොඩ
- ⁠ඇල්පිටිය
- ⁠බද්දේගම
- ⁠යක්කලමුල්ල

කළුතර දිස්ත්‍රික්කය:

- පාලින්දනුවර
- මතුගම

මාතර දිස්ත්‍රික්කය:

- කොටපොල

රත්නපුර දිස්ත්‍රික්කය:

- ඇලපාත
- ⁠කලවාන
- ⁠පැල්මඩුල්ල